• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පතුලක් නැති ආවාටය

monticello dam2017 2ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නාපා ජනපදයේ ඇති බෙරියෙස්සා නම් විලෙහි තනා ඇති මොන්ටිචෙලෝ නම් අමුණෙහි අතිරික්ත ජලය බැස යාමට (අමුණ පිටාර ගැලීම වැළැක්වීමට ) තනා ඇති පිටාර සිදුර පතුළක් නැති ආවාටය ලෙසින් හැදින්වේ.
 
 
මෙය ලොව විශාලත ම පිටාර සිදුර ලෙස සලකනු ලබයි. මෙහි විශ්කම්භය අඩි 72ක් වන අතර පහළට ගමන් කරන විට ක්‍රමයෙන් කුඩා වෙමින් ගොස් අවසානයේදී අඩි 28ක් දක්වා කුඩාවේ. ජලය උරාගන්නා ස්ථානයේ සිට ජලය පිට කරන ස්ථානය දක්වා ඇති දුර ප්‍රමාණය අඩි 700ක් වේ.


මෙම පිටාර සිදුර නිතරම භාවිතයට නොගැනේ. එයට හේතුව ජල මට්ටම පිටාර මට්ටමට එන්නේ කාලයෙන් කාලයට වීමයි. කෙසේ වෙතත් පිටාර සිදුර භාවිත වන විට එය තුළට ඇදගන්නා ජල පරිමාව ජලය ඝන අඩි 48,400ක් පමණ වනවා. monticello dams hole 5


මෙම
 පිටාර සිදුර බෙරියෙස්සා විලෙහි පිහිනන්නන්ට හා බෝට්ටු සවාරි යන්නන්ට අනතුරුදායක වේ. එසේ හෙයින් විලෙහි ආරක්ෂාකාරී දුර ප්‍රමාණ ලකුණු කර තිබෙන්නේ අනවශ්‍ය තරමට මෙම පිටාර සිදුරට ළඟා වී අනතුරෙහි වැටීම වැළැක්වීමටයි. 1997 වර්ශයේදී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මෙම පිටාර සිදුර තුළට ඇදීගොස් ජීවිතක්ෂයට පත්ව ඇත. ලොව දක්ෂත ම පිහිනුම් ශූරයෙකුටවත් මෙම පිටාර සිදුර මගින් ඇති කරනා ඇදගැනීමට එරෙහිව පිහිනිය නොහැකි බව පැවසේ. එම නිසා මෙම  නිර්මාණය දැකබලාගත යුත්තේ ආරක්ෂාකාරී දුර සීමාව තුළ සිටයි.monticello dams32017


මෙම පිටාර සිදුරේ නිර්මාණ කටයුතු ආරම්භ වන්නේ 1953 වර්ශයේදී. පුරා වසර 4ක් පුරාවට ඉදිකෙරෙන මෙම නිර්මාණය 1957 වසරේදි වැඩ අවසන් කෙරෙනවා. මොන්ටිචෙලෝ වේල්ල ඉදි කිරීම සිදු කර ඇත්තේ මොන්ටිචෙලෝ නම් නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවන ආකාරයෙනුයි. ජල මට්ටම අධික ලෙස පහත බසින කාලයේදී මෙම නගරයේ ගොඩනැගිලි වල නටඹුන් අදටත් දැකගත හැකියි.


වේල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන විට මොන්ටිචෙලෝ නගරයේ තිබූ සියලුම ගොඩනගිලි කඩාදැමීම සිදුකර නැහැ. පූටාහ් ක්‍රීක් පාලම ඇතුලු තවත් ගොඩනැගිලි කිහිපයක් කඩා බිඳ නොදමා ජලයෙන් යටවීමට ඉඩහැර තිබෙනවා. 1957 වසරේදී වේල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමෙන් පසුව බෙරියෙස්සා විලෙහි උපත සිදුවී ඇත.
 
අන්තර්ජාලය ඇසුරින්

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.