• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිතිනි (Nano) තාක්ෂයේ නවතම සොයා ගැනීමක්

a new nanoscale laser2017නිතිනි (Nano) තාක්ෂයේ නවතම සොයා ගැනීමක් වන ස්පැසර (Spaser) ලේසරය මගින් අනාගතයේ සුවිසල් තාක්ෂණික පෙරලියකට මග පෑදෙයි.
 
කාබන් පමණක් යෙදූ ලොව ප්‍රථම නිතිනි ප්‍රමාණයේ තාක්ෂණික ලේසරය (nanoscale laser) ඕස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවා ඇත. මෙය සැලසුම් කළ පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වීම සුවිශේෂීත්වයකි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හදාරා ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන්හි පිහිටි මොනෑෂ් විශ්ව විද්‍යාලයට පිවිස මේ වන විට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාල‍යේම විදුලි හා පරිගණක පද්ධති ඉංජිනේරු විද්‍යා අංශයේ ප්‍රධාන පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන ඔහු නමින් නිතිනි තාක්ෂණය පිළිබඳ විද්‍යාඥ චානක රූපසිංහයි.

මෙම ස්පැසර යන වචනය ඔවුන් නිර්මාණය කරගෙන ඇත්තේ විකිරණ උද්දීපණය කර විමෝචනය කරන මතුපිට ප්ලාස්මෝන විස්තාරණය කළ හැකි ලේසරය හැඳින්වීමට යොදන 'සර්ෆස් ප්ලැස්මොන් ඇම්ප්ලිකේෂන් බයි ස්ටිමියුලේටඞ් එමිෂන් ඔෆ් රේඩියේෂන්' (surface plasmon amplication by stimulated emission of radiation) යන වචනයේ මුල් අකුරු භාවිත කරමිනි. එයින් අදහස් කෙරෙන්නේ සක්‍රීය ලෙස භාවිත කළ හැකි නිනිති (nano) හෙවත් නැනෝ ප‍්‍රමාණයේ ලේසරයකි. එයට නැනෝලේසර (nanonlaser) ලෙස ද හැඳින්විය හැකියි. 

අනාගතයේ මෙය ප‍්‍රකාශ පරිගණකවලට හා විවිධ තාක්ෂණ අංශවලට ද භාවිත කළ හැකියි. එසේම එය වර්තමානයෙහි භාවිත වන ඕනෑම කුඩා පරිපථයකටත් වඩා සියුම් ඉතා කුඩා පරිපථ තැනීමටත් යොදාගත හැකි වනු ඇත. එසේම අනාගතයේදී ලොව තාක්ෂණික අංශයෙන් වැඩි දියුණු කළ මෙවලම් හා උපාංග බිහි කිරීමටත් මෙම නවතම නැනෝ තාක්ෂණික සොයා ගැනීම මග පාදන බව විද්‍යාඥයින්ගේ මතයයි. නිදසුනක් ලෙස අද අප භාවිත කරන අති විශාලනය කළ හැකි අන්වීක්ෂවලට වඩා දස ගුණයකටත් වඩා බලගතු අන්වීක්ෂ සඳහා අධිකාච (hyperlenses) නිපදවීමට මෙම තාක්ෂණය උපයෝගී කර ගත හැකියි. 

දැනට මෙම ස්පැසර යොදා ගන්නේ ඉතා කුඩා මයික්‍රොප්‍රොසෙසර, මතක චිප් හා අතේ ගෙන යා හැකි කුඩා දර්ශන තිර තැනීම සඳහාය.

ස්පැසරය නිපදවන මෙම නවතම මෙවලමට ග්රැෆේන් රෙසොනේටරයක් හා කාබන් නිනිති නළයක් අයත් වන අතර එම කාබන් භාවිතය මගින් සවිමත් හා නම්‍යශීලීභාවය ලබා ගැනිමට හැකි බව මෙම පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙයි. මේ කාබන් භාවිතාව නිසා සවිමත් එමෙන්ම නම්‍යශීලී බවක් ලැබෙන අතර අධික උෂ්ණත්වයක් යටතේ ක්‍රියා කළ හැකි වනු සේම එහි සුවිශේෂීම ගුණාංගය වන්නේ මෙය පරිසරයට හිතකර වීමයි. මෙම ස්පැසර තාක්ෂණයට අනුව අනාගතයේ දී ඉතාමත් තුනී මොබයිල් ෆෝන් එකක් රෙද්දක වුවත් මුද්‍රණය හෝ අලවා ගැනීම කළ හැකි බවද ඔවුන් පවසයි. දැනට ස්පැසර යොදා ගන්නේ ඉතා කුඩා මයික්‍රොප්‍රොසෙසර, මතක චිප් හා අතේ ගෙන යා හැකි කුඩා දර්ශන තිර තැනීම සඳහාය.

කෙසේ වෙතත් මෙම නව ස්පැසරය වානේ වලට වඩා ශක්තිමත්, තඹවලට වඩා හොඳ සන්නායකයක් මෙන්ම ඉතාමත් අධික උෂ්ණත්වයේදී පවා හොඳින් ක්‍රියා කිරීමේ ශක්‍යතාවයකින් යුත් බව විද්‍යාඥයින්ගේ මතයයි.

මෙහි වැදගත්ම කරුණ වන්නේ මෙම තාක්ෂණය අනාගතයේදී පිලිකා මර්දනය සඳහා ද සාර්ථකව යොදාගත හැකි බව මෙම පර්යේෂකයින් විසින් දැක්වීමයි. මෙම ස්පැසරය මඟින්  ජනනය කරන විද්‍යුත් ක්ෂේත‍්‍රය මගින් නිරෝගී සෛලවලට හානි නොකර පිළිකා සෛල පමණක් විනාශ කළ හැකි බවද එහිදී ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කර සිටියි. 

කෙසේ වුවද මෙම අති නවීන ස්පැසර (Spaser) ලේසරය ලෝකයේ අද්විතීය තාක්ෂණික පෙරළියකට හේතු වන බව සමස්ත විද්‍යාඥයින්ගේ මතයයි.

උපුටා ගැනීම 
අන්තර්ජාලයෙනි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.