මේ සොයා ගැනීමෙන් පෙනී යන්නේ බහු සෛලීය ජීවීන් විශේෂයක් මීට වසර කෝටි 160කට සිටි බවයි. මෙය සත්ව හා ශාකවල ආරම්භය විය හැකියැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඒ අනුව ඔවුන් පවසන්නේ තමන් මෙතෙක් සිතා සිටියාට වඩා වසර මිලියන 400ක් කලින් ජීවීන් මිහිමත පැවති බවයි.
පර්යේෂකයන්ට හැකි වී තියෙනවා ඉතා සියුම් අන්වීක්ෂ යොදා ගෙන විකිරණ රේඛණය මගින් ඒ පොසිල දෙස බලන්නට. එහි දී ඔවුන්ට දැක ගන්නට ලැබී ඇත්තේ ඒ එක් පොසිලයක් තුළ රතු පැහැති නූලක් බඳු ඇල්ගී විශේෂයක් ඇති බව.
ස්වීඩනයේ ස්වාභාවික ඓතිහාසික කෞතුකාගාරයේ පුරාසත්වවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ස්ටෙෆාන් බෙන්ස්ටන් (Stefan Bengtson) ඒ නව සොයාගැනීම ගැන අදහස් දක්වන්නේ මෙහෙමයි: ”අපට සියයට සියයක් විශ්වාසය ඇතුව කියන්න බැහැ මේ පොසිලවල කාල නිර්ණය ගැන. මක් නිසාද යත් අපට මේවායේ ඩීඑන්ඒ සොයා ගත නොහැකි නිසා. ඒත් රූපවේදය අනුව එහි දැක ගත හැකි ලක්ෂණ අනුව ඒවා රතු ඇල්ගී විශේෂයක් බව කියන්න පුලූවන්. මේවා අවම තරමින් වසර බිලියන තුනහමාරක් වත් පැරණි යැයි සිතිය හැකියි.”
මේ සොයාගැනීමට මුල් වූ විද්‍යාඥයන්ගේ අදහස අනුව මේවා පූර්ව න්‍යෂ්ටීය (prokaryotes) ජීවීන් ගණයටයි අයත් වන්නේ. ඉතාමත් සරල ජීවීන කොට්ඨාසයක් වන මේ පූර්ව න්‍යෂ්ටීය ජීවීන්ට සෛලයක ‘මොළය’ ලෙස සැලකෙන න්‍යෂ්ටියක් නැහැ. ඒ වාගේ ම ඒ දේහය තුළ සංකීර්ණ කි‍්‍රයාවලියක් මෙහෙය විය හැකි ඉන්ද්‍රියිකාවන් (organelles) ඇත්තේත් නැහැ. මේවා සෛලයේ ආරම්භක යුගයට අයත් යැයි සැලකෙන්නේ ඒ නිසයි.
ස්වීඩන් ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් පොසිල ආකාරයෙන් සොයා ගෙන ඇති ලෝකයේ ඉපැරණිතම යයි සැලකිය හැකි ශාක විශේෂයක් වූ රතු ඇල්ගී වගාව.
උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරින්