• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආවාට

awata4 2017ආවාටයක් යනු, මිනිසුන් විසින් ඇති කරන ලද හෝ ස්වාභාවිකව ඇති වූ ඕනෑම අවපාතයක් ලෙස හැඳින්විය හැකි වන අතර ඒවා ඇතිවන්නේ විශාල ප්‍රවේගයකින් පැමිණෙන වස්තුවක් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල දේහයක් සමඟ ඝට්ටනය වීමෙනි.
 
 
මෙම ආවාට සෑදීම් බොහෝමයක් චන්ද්‍රයා, බුධ, බ්‍රහස්පතිගේ කැලිස්ටෝ (Callisto) චන්ද්‍රයා හා ගැනීමේඩ් (Ganymede) චන්ද්‍රයාගේ ඇතුළු කුඩා චන්ද්‍රයන් හා ග්‍රාහකයන්ගේද සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් වස්තූන් මත ද දැකිය හැකිය. මෙම ආවාට සෑදීම බහුලව සිදු වන්නේ අධි ප්‍රවේගය ඇති කුඩා වස්තූන් නිසාවෙනි. මේ අනුව සෑම වර්ෂ මිලියනයකටම වරක් කිලෝමීටර 20 ක විෂ්කම්භයකින් යුත් ආවාටයක් ඇතිවීමට තරම් ප්‍රමාණවත් ඝට්ටන සංඛ්‍යාවක් සිදු වන අතර පෘථිවියේ ක්‍රියාකාරී පෘෂ්ඨය නිසා එකී ආවාට බොහොමයක් ඉක්මනින් විනාශ වුවත් භෞමික ඝට්ටන ආවාට 170ක් පමණ දැනට සොයාගෙන ඇත. ඒවා මීටර් දහයක සිට කිලෝමීටර 300ක් දක්වා පරාසයකට අයත් වේ. මුහුදු පතුලේ ඇති ආවාට කිහිපයක් ද මේ අතරට අයත් නමුත් මුහුදු පතුල ගවේෂණය කිරීමට ඇති අපහසුතාවය සහ මුහුදු පතුලේ ක්ෂණික වෙනස් වීම් නිසා මෙම ආවාට සොයා ගැනීම තරමක් දුෂ්කර වේ. මෙම ආවාට විවිධ භ්‍රමණයන්ගෙන් හා හැඩයන්ගෙන් දැකිය හැකිය. නමුත් බොහෝ විට වෘත්තාකාර ආවාට දැකිය හැකිය.

නමුත් පෘථිවිය මත තවමත් සොයාගැනීමට නොහැකි වූ ආවාට රාශියක් ඇති බව නූතන විද්‍යාඥයින්ගේ මතයයි. පෘථිවියේ සක්‍රීය තලය නිසා මෙම ආවාට ඉක්මනින් විනාශ වේ. එහෙත් දැනට ආවාට 170ක් පමණ හඳුනාගෙන ඇත. මෙම ආවාටයන්ගේ විෂ්කම්භය කුඩා මීටර් ප්‍රමාණ වල සිට කි. මී. 300 තරම් විශාල පරාස දක්වා විහිදෙයි. මෙම ආවාට වල වයස මෑතක සිට වසර බිලියන 2ක් දක්වා වේ. කෙසේ වුවද මෙතෙක් කරනු ලැබ ඇති පර්යේෂණවලින් ලොව විශාලත ම ආවාට කිහිපයක් සොයාගෙන ඇත.awata1 2017

01. Meteor Crater (Barringer crater), Arizona, United States

ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් හමුවන මෙම ආවාටය ලෝකයේ ඉතාමත් සුරක්ෂිතව පැවතෙන ආවාටයක් ලෙස හඳුනාගෙන ඇත. මෙය වසර 50,000කට පමණ පෙර ලෝහ උල්කාපාතයක් හේතුවෙන් ඇති වුවකි. මෙහි විෂ්කම්භය මීටර 1200ක් පමණ වන අතරම ගැඹුර මීටර 170ක්. මෙම ආවාටය "බැරින්ගර් ආවාටය" ලෙස හැඳින්වෙන අතර එයට හේතුව ඩැනියල් බැරින්ගර් නම් පුද්ගලයා විසින් මෙය උල්කාපාතයක් නිසා ඇති වූ ආවාටයක් බවට හඳුනාගැනීම නිසයි.

02. Pingualuit Crater, Quebec, Canada

මේ ආවාටය පිළිබඳ වාර්තා වන්නේ කැනඩාවෙන්. මෙය "චබ් ආවාටය" (Chubb) ලෙසත් හඳුන්වනු ලබයි. මෙය උන්ගාවා අර්ධද්වීපයේ පිහිටා තිබේ. විෂ්කම්භය කිලෝමීටර 3.44ක් පමණ වන අතරම ගැඹුර මීටර 400ක් පමණ වේ. වසර මිලියන 1.4ක් පමණ පැරණි බවට සැලකෙයි. මෙම ආවාටය දැනට ජලයෙන් පිරි ඇති විලක් ලෙස පවතින අතර ඈත අහසට අහසට ඉතාමත් ආකර්ශනීය ලෙස දිස් වෙයි.

03. Amguid Crater, Algeriaawata2 2017

ඇල්ජිරියාවෙන් හමුවන මෙම ආවාටය ඉහත ආවට දෙකට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වන අතරම වසර 100,000කට වඩා පැරණි නොවන බවට ද සැලකේ. මීටර 500-530ක පමණ විශ්කම්භයක් ඇති අතර ගැඹුර මීටර 65කි. 1948 වසරේදී සොයාගන්න ලදී.

04. Lonar Crater, Maharashtra, India

ලොනර් ආවාටය හමුවන්නේ අසල්වැසි රට වන ඉන්දියාවෙනි. තරමක් මතභේදාත්මක තත්වකයට පත්ව ඇති මෙම ආවාටය වසර 52,000ක් පැරණි බව සැලකුන ද නවතම සමීක්ෂණ වලට අනුව මෙය වසර 570,000ක් තරම් පැරණි බව පැවසේ. මෙහි විෂ්කම්භය කිලෝමීටර 1.8ක් පමණ වන අතර කිලෝමීටර 1.2ක පමණ විෂ්කම්භයකට ජලය පිරි පවතී. මෙය "ලෝනාර් විල" ලෙස හැඳින්වේ.

05. Wolfe Creek Crater, Western Australia, Australia

මෙය පිහිටා ඇත්තේ Wolfe Creek උල්කාපාත ආවාට සංරක්ෂිතයේයි. මෙය ප්‍රථම වරට අනාවරණය කර ගැනුනේ 1947 දී ය. ආවාටයේ විෂ්කම්භය මීටර 872කි. ගැඹුර මීටර 60කි. වසර 300,000ක් පමණ පැරණි බව සැලකෙයි. 

06.Tenoumer crater, Mauritaniaawata3 2017

සහරා කාන්තාරයේ බටහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය  කිලෝමීටර 1.9ක පමණ විෂ්කම්භයක් සහිතය. මෙම ආවාටයේ අවට දාරය මීටර 110ක් තරම් ඉහළ නැගේ. මෑත කාලයේ ඇති වූ ආවාටයක් ලෙස සැලකේ. අනුමාන කෙරෙන්නේ වසර 10,000 – 30,000ත් අතර කාලයට අයත් බවයි.

ලොව විශාලත ම ආවාට මෙන්ම මහපෙ‍ාළොව මත ඇති ලොව භයයානකම ආවාට කිහිපයක් ද විද්‍යාඥයින් විසින් හඳුනාගෙන් තිබේ.

01. Udachnaya Pipe

මෙය මීටර 600ක පමණ ගැඹුරකින් යුතු දියමන්ති පතලකි. රුසියාවේ පිහිටා ඇති මෙය ලොව විශාලත ම විවෘත පතල ලෙස සැලකේ.

02. Guatemala Sinkhole

අධික වර්ෂාව නිසා ග්වාතමාලාවේ මෙම කිඳා බැසීම සිදු වී ඇත. අති විශාල මෙම ආවාටය විසින් ගොඩනැගිලි හා මිනිස් ජීවිත රාශියක් බිලිගෙන ඇත.

03. Monticello Dam

මෙය ඇත්තේ උතුරු කැලිෆෝනියාවේ Monticello Dam හිය. මෙය අඩි 700ක් ගැඹුරු වන අතර, අඩි 70ක විශ්කම්භයකින් යුක්තය.

 awata5 2017
04. The Heavenly Pit

මෙම අඩි 660ක් ගැඹුරු ආවාටය චීනයේ Xiaozhaiහි පිහිටා ඇත. එමෙන්ම  මෙය ලොව ගැඹුරුම ආවාටය වේ. 

මේ වන විට ලොව භූ විද්‍යාඥයින් විවිධ වර්ගයේ ආවාට සොයා ගැනීමටද සමත්ව ඇති අතර පොදු භාවිතයේ දී "ගැටීම් ආවාට" යන්න  චන්ද්‍රයා‍ හෝ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වෙනත් ඝන දේහවල ඇති වූ වෘත්තාකාර අවපාත ලෙස දැක්විය හැකිය. එසේම "වල ආවාට" (Pit crater) ලෙස හැඳින්වෙන්නේ අභ්‍යන්තර කඩා වැටීමක් නැතිනම් ගිලා බැසීමක් නිසා මෙම වස්තු වල මතුපිට ඇති වන ආවාටයි.  උල්කාපාත ආවාටය හා වල ආවාටය පෘථිවිය මත දක්නට ලැ‍බෙන කුඩා ගැටීම් ආවාට වලට හොදම උදාහරණ වේ.


උපුටා ගැනීම : අන්තර්ජාලයෙනි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.