විටෙක ඔවුන්ගේ නිර්මාණ හැකියාවන් නරඹන්නන්ට විශ්වාස කළ නොහැකි තරම් විය. මන්ද, මිනිස් මොළයෙන් හා මිනිස් ශ‍්‍රමයෙන් මෙවැනි විස්මිත නිර්මාණ කළ හැකි දැයි යන්න සිතෙන තරමටම එම නිර්මාණ විස්මයජනක විය. එවන් නිර්මාණ ''ලෝක පුදුම'' ලෙසින් නම් කරන්නට මිනිසා පෙළඹුණේ ද එබැවිනි. ඒ අනුව එහි ප්‍රමුඛතම නිර්මාණ හතක් ''ලෝක පුදුම හත'' ලෙස නම් කෙරිණි.
ලොව විස්මිත නිර්මාණ අතරින් මෙලෙස ලෝක පුදුම හතක් තෝරා ගැනීමට නිව් ඕපන් වර්ල්ඩ් කෝපරේෂන් (New Open World Corperation) නම් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් විය. ඔවුන් ඒ සඳහා අවශ්‍ය සැලසුම් 1999 වසරේදී සකස් කරනු ලැබීය. මේ සඳහා සුදුසු නිර්මාණ 65ක් ඉදිරිපත් වූ අතර පසුව එය නිර්මාණ 21 ක් දක්වා අවම විය.
ඉන් අනතුරුව එසේ නම් කෙරුණු විස්මිත නිමැවුම් විසි එකෙන් තමන් කැමති නිර්මාණ වලට ඡන්දය දීමේ වරම ලෝකවාසී ජනතාවට භාර කිරීමට මෙම කණ්ඩායම තීරණය කරන ලදී. මෙම ඡන්දය වසර 6ක් පුරා එනම් 2001 වසරේ සිට 2007 වසර තෙක් පැවැත්වූ අතර ඒ සඳහා දුරකතනය සහ අන්තර්ජාලය ඔස්සේ එක් පුද්ගලයෙකුට එක් ඡන්ද අවස්ථාවක් ලෙස ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවිය. මිලියන සියයකට අධික මහජනතාවක් මේ සඳහා ස්ව ඡන්දය භාවිත කර ඇත. මේ අයුරින් අවසානයේ ලෝකයේ පුදුම හත පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති උත්සවයේ දී 2007 වසරේ 07 වැනි මස 07 ප‍්‍රකාශයට පත් කරන ලදී.
බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව
බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර ඉදිකර ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවෙහි උස මීටර් 38කි. මුලු නගරය පසුබිමි කරගෙන අහස උසට නැගී සිටින මෙම සුවිසල් ප්‍රතිමාවේ බර ටොන් 635කි. ටිජුකා ජාතික වනෝද්‍යානයේ පිහිටි මීටර් 700 ක් උස කොර්කොවාඩෝ කඳු මුදුනේ ඉදිකර ඇති මෙම ප්‍රතිමාව ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වූ පෝල් ලැන්ඩොව්ස්කි විසින් 1931 ඔක්තෝම්බර් 12 වැනි දින නිමකරවන ලදී. මෙම ප්‍රතිමය නෙලීම සඳහා කිහිප අවස්ථාවකම උත්සාහ දරා ඇති අතර අවසානයේ රියෝ ද ජැනිරෝ නුවර සිටි අගරදතුමාගේ යෝජනාවකට අනුව බ්‍රසීලියානු කතෝලික පල්ලිවල වැඩි දායකත්වයෙන් යුතුව සිදු විණි.
චීන මහා ප්‍රාකාරය
නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති මෙය මිනිස් දෑතින් ඉදි වු විස්මය දනවන දැවැන්ත නිර්මාණයක් සේ ලෝ සුපතලය. මෙහි ඉදිකිරීම් ක්‍රි.පූ 6 වන සියවසේදී පමණ ආරම්භ වී ඇති අතර ක්‍රි.පූ 16 වන සියවස දක්වා ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු වී ඇත. චීන අධිරාජ්‍යයේ උතුරු සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොන්ගෝලියන් ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මෙම මහා ප්‍රාකාරය ඉදිකර ඇතැයි සැලකේ. මෙහි දිග කි.මී. 6400ක් පමණ වේ. මෙහි බැම්ම කළුගල් අඩිතාලමක මීටර් 12ක් උසට ගඩොලින් නිර්මාණය කර ඇත. ප්‍රාකාරය මුදුනේ මීටර් 4.5ක් පළල පාරකි. ඒ දිගට මීටර එකසිය අසූවෙන් එකසිය අසූවට මුර කුළුණු සාදා ඇත. අතීතයේදී මිලියනයකට අධික පිරිසක් මෙහි මුර සේවයේ යොදවා තිබූ බව සඳහන් වේ.
ඉතාලියේ කොලෝසියම
ඉතාලියේ රෝම නගරය මධ්‍යයෙහි පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව කියවේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් මෙහිදී ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.අප්‍රිකානු වනාන්තර වලින් ගෙන ආ වන මෘගයන් රඳවා තැබීම සඳහා වෙන් කළ කාමර පෙළක නටඹුන් වර්තමානයේදී පවා දක්නට ලැබෙයි. ක්‍රි.ව.217 දී අකුණු සැර වැදීම ගිනි ගැනීම හේතුවෙන් කොලෝසියම දරුණු ලෙස විනාශයට පත්ව ඇත. මෙහිදී ක්‍රීඩාංගණයේ දැව වලින් සාදන ලද ඉහළ මාලය සම්පූර්ණයෙන්ම ගින්නට දැවී ගොස් ඇති අතර දෙවැනි තියෝඩොසියස් සහ තුන්වැනි වැලන්ටිනියන් කාලවලදී කොලෝසියමේ විවිධ කොටස් නැවත සැකසීමට පියවර ගෙන ඇත. නමුත් වරින් වර ගින්නට ද භූමි කම්පාවන්ටද ගොදුරු වෙමින් පැවැති කොලෝසියම රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම ගරා වැටෙන්නට පටන්ගෙන ඇත.
ක්‍රි.පූ 9 සිට ක්‍රි.පූ 40 දක්වා රජ කළ 4 වන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අග නුවර වූයේ මෙම පෙට්‍රා නගරයයි. බටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස්, හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙද මාර්ගයේ වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් පැවැතීම හේතුවෙන් මෙය ඉතා දියුණු තත්ත්වයක පැවැති බව පෙනේ.අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති මෙම නගරය කාන්තාරික දේශගුණික තත්වයන්ට මුහුණදීමට හැකි වන පරිදි නිර්මාණය කොට තැබීම මෙහි විශේෂත්වයකි. එසේම පිහිටි ගලෙහිම නිර්මාණය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස සැළකෙයි. මෙම නගරයෙන් රෝස පැහැති පාෂාණයෙන් කරන ලද මීටර් 42ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන්ද හමු වී ඇත.
ජේරුහි මාචු පීචු බලකොටුව
මෙය දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු මුදුනෙහි පිහිටා ඇත. ක්‍රි.ව 1500 දී පමණ ඉන්කාවරු විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවක් ලෙස මෙම මාචු පීචු බලකොටුව සැළකේ. මෙම නගරය ඉදිවී ඇත්තේ මීටර් 2430 ක් උසින් පිහිටි කඳු වළල්ලක් මතය. ඉන්කාවරුන්ගේ නැති වුණු නගරය නමින් හඳුන්වන මාචු පිචු බලකොටුව 1983 දී ලෝක උරුම ස්ථානයක් ලෙසින් ද නම් කෙරුණි. ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මදින ලද වියළි ගඩොලින් මෙහි ගොඩනැඟිලි ඉදි කර තිබීම සුවිශේෂී වේ.තසත් විශේෂත්වයක් වන්නේ මෙහි ගඩොල් එකිනෙකට සවි කිරීමට බදාම භාවිතා කර නොමැති වීමයි. ඉන්කාවරුන් රෝද භාවිතයට හුරු වී සිටිය නොමැති නිසා මෙම ගොඩනැඟිලි ඉදි කිරීමට අවශ්‍යය අමුද්‍රව්‍ය කඳු මුදුනට රැගෙන ගියේ කෙසේ ද යන්න තවමත් සොයා ගන්නට නොහැකි වූ අභිරහසක් බවට පත්ව ඇත .එසේම මෙය ආගමික නගරයක්ද, සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කදු මුදුනේ සෑදූ නගරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත. ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි විශ්වාසයක් ඇත.
චිචෙන් ඉට්සා පූජනීය නගරය
ආදි කොළොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් මෙය නිර්මාණය කරන ලද බව විශ්වාස කෙරේ. ක්‍රි.ව 750 සිට ක්‍රි.ව 1200 පමණ දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයද මෙය විය. මෙම නගරයේ පිහිටා ඇති මීටර් 24 ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තකි. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් ඇති අතර පඩි පේළි හතරේ මුළු පඩි ගණන 365කි. මෙම පඩි ගනන වර්ෂයේ දින ගණනට සමාන වීම අවධානයට යොමු විය යුතු කරුණක් සේ සැළකිය හැකිය.
ඈත අතීතයේ දී මෙම භූමියේ ගොඩනැගිලි සියයකට ආසන්න ප්‍රමාණයක් ඉදි කර තිබුණු බවට සාක්ෂිි හමුව ඇත. කෙසේ වෙතත් මේ වන විට ඉතිරිව ඇත්තේ ගොඩනැගිලි 30 ක් තරම් වූ ප්‍රමාණයක නටඹුන් පමණි.මෙම පෞරාණික නගරයෙන් හමුවන නටබුන් යුග දෙකකට අයත් වන ඒවා ලෙස සැලකේ. 7 වන සහ 10 වන සියවස් වලට අයත් වන මෙම නටඹුන්වලින් 7වන සියවසෙහි ඒවා ඓතිහාසික මායා ශිෂ්ඨාචාරයටත්, දහවැනි සියවස අගභාගයේ සිට දහතුන් වැනි සියවස මුල් භාගයට අයත් වන නටඹුන් මායා, ටොල්ටෙක් යුගයත් සංකේතවත් කරයි.
ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය
මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යයා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු තම බිසවගේ දේහය තැන්පත් කර ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරය ලෙස හඳුන්වයි.කිරි ගරුඬෙන් නිර්මාණය කර ඇති මෙම ප්‍රාසාදය ඉන්දියාවේ අගනුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව.1632දීය. 20, 000 ක පමණ සේවක පිරිසක් වසර 18 ක් පුරා මෙ තැනීමට සිය ශ්‍රම ශක්තිය යොදවා ඇති බව සඳහන් වේ. ලෝකයේ නොයෙක් දෙසින් ගෙනා වටිනා මුතු මැණික් වලින් හා රන්කම් වලින් ප්‍රසාදය අලංකාරවත්ව ඇත. වටේටම රතු වැලි ගලින් කළ ප්‍රාකාරයක් ද වේ. එයට ඇතුළු වීම සඳහා රතු වැලි ගලින්ම කැටයම් කළ ආරුක්කුවක්, ඉන්පසු සුපිරිසුදු දිය පිරුණු පොකුණක් සහ පොකුණ කෙළවරෙහි කිරි ගරුඬ ඇල්ලූ බිම මත මෙම ටජ් මහල ගොඩනගා ඇත. කෙසේ වුවද මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇති අතර ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අවසානයේ අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් ලෙස නිමවී ඇත.
මෙම ලෝක පුදුම හත නම් කිරීමේදී ඉපැරණි ලෝක පුදුම අතරින් අදටද ඉතිරිව තිබෙන එකම සිහිවටනය වූ ගීසා හි පිරමීඩය යොදා නොගත් අතර එහිදී එයට ගෞරව ස්ථානයක් හිමි විය.