• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තරු රටා

star 5අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තාරකාය.



ඒ අතරින් තරු රටා ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඒවා ඉතා ආකර්ශණීය ලෙස පොළොවේ සිට නරඹන අප හට දිස් වේ. ආකාශ වස්තූන් සිතියම්ගත කිරීමේ පහසුව සඳහා තාරකා රටා හඳුන්වා දීම පැරණි නාවිකයන් ගොවීන් මෙන්ම තාරකා විද්‍යාඥයින්ගේද නිරීක්ෂණයන්ට අනුව සිදු වී ඇත. මෙහි ආරම්භය මින් වසර 6000කට පමණ පෙර සිදු වූ බව මෙසපොතේමියා ශිෂටාචාරයේ සාක්ෂිවලට අනුව සපථ වේ. විවිධ ජාතීන් විසින් තරු රටා සිතියම්කොට විසිතුරු නම් ලබා දුන්නද ධ්‍රැවාසන්නයේ අහස ඔවුන්ට නිරීක්ෂණය නොවිණි. විශේෂයෙන්ම දකුණු භාගයේ වෙසෙන්නන්ට උත්තර ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. උතුරුබාගයේ වෙසෙන්නන්ට දරුණු ධ්‍රැවයේ අහස නිරීක්ෂණය නොවිණි. මේ හේතුවෙන් සමහර තරු කණ්ඩායම් ඔවුනොවුන්ගේ දෘෂ්ටියෙන් ගිලිහුණි. පැරැන්නන්ගේ දෘෂටියෙන් ගිලිහුණු තරු පොකුරුද නිරීක්ෂණයකොට දැනට පවතින නවතම තරු රටා ඉදිරිපත් කරන ලද්දේ 16 වන සියවසයේදීය.  දැනට පවතින තරු රටා 88ක් සහිත සිතියම නිර්මාණය වූයේ 1922දීය. එය අන්තර්ජාතික තරකා විද්‍යා සංගමය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී. 



star 3දඩයක්කාරයා 



තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක. පුරා වෘත්තවල සිටින දඩයක්කරුවෙකුගේ ස්වරූපය මෙමඟින් මැනවින් නිරූපනය කරයි. උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැකිය. දීප්තිමත් තරු හතරකින් යුත් තාරකා රටාවකි. මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් ද සමන්විත වේ. මීට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී. මෙම තරු රටාවේ විශාලතම තරුව Betelgeuse වන අතර එය අප සුර්යාටත් වඩා අතිශයින් විශාල වේ. Rigel දීප්තිමත්ම තරුව වන අතර සුර්යා මෙන් 40000 ගුණයක් දීප්තිමත් වේ. එමෙන්ම සුර්යා මෙන් 100,000 ගුණයක් ශක්තියක් මුදාහරි. ඔරයන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තාරකා ත්‍රිත්වය මෙහි විශේෂත්වයක් උසුලයි. 

 
 
 
 
 
 
 
 

star 2මහා වලසා



මෙය මහ වලසා යන නාමයෙන්  හඳුන්වන්නේ  තරු රටාව හා සම්බන්ධ පුරාවෘතයකට අනුවය. චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද, මධ්‍යම ආසියාවේ දිගේලි අශ්වයා ලෙසින්ද, ඉන්දියාවේ නගුල ලෙසින්ද, රුසියාවේදී මහවලසා ලෙසින්ද, හදුන්වනු ලබන්නේ මෙම එකම තාරකා රාශියකි. මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4කින් යුත් කොටුවකින් සහ තරු 3කින් යුත් වක් රේඛාවකින් සමන්විතය. එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හඳුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය. මෙය ආදි ග්‍රීක ජාතිකයන්ගේ පුරාවෘතයකට අනුව පටබැඳි නමක් ලෙසද කියැවේ.

 
 
 

 
star 1සිංහ



රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි  තාරකා රටාවක්  වේ. මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. මෙහි විශාල බොකුටු භාජනයක් ලෙස සෑදුනු තාරකාවන් උතුරු දිශාවට යොමුවී තිබේ. දක්ෂිණ අර්ධ ගෝලයේ  මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම්  තාරකාවයි.මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ. Leo යනු ඉතාලි භාෂාවෙන් සිංහයාට කියන වචනයයි. රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී. මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක්  රාශියක් ලෙස සැලකේ.



 
 
 
 
 
 
 
 
star 4හත්දින්නත් තරු



වඩාත්ම දීප්තිමත් එමෙන්ම වඩාත්ම ප්‍රකට තරු පොකුර ප්ලෙයාඩේස්ය. (හත්දින්නතරු ලෙස ද එය වඩාත් ප‍්‍රකටය.) එය පියවි ඇසට පහසුවෙන් හඳුනාගත හැක්කේ අඩු තරමින් තාරකා 6කින් සමන්විත ළංව පිහිටි කණ්ඩායමක් හැටියටයි. ඒ අනුව හත්දින්න තරු රටාවේ තරු 7 පියවි ඇසින් ගණන්  අසීරුය . ඒ නිසම දෝ මේ තරු 7 ගණන්  අසුභ යයිද මතයක් ඇත . එය පිහිටියේ (ගොනාගේ ඇස යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන ටෝරස් (Taurus - වෘෂභ) රාශීයේ දීප්තිමත්ම තරුව වන) ඇල්ඩිබැරන් තාරකාවේ සිට පූර්ණ චන්ද්‍රයන් 20ක පමණ පළලක් ඇති දුරකින්ය. ප්ලෙයාඩේස් තරු පොකුරේ දීප්ති‍මත්ම තාරකා නම් කර ඇත්තේ ග්‍රීක ජන පුරාණයේ සොයුරියන් හත්දෙනා (the Seven Sisters) සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ නම්වලිනි. මෙකී තරුපොකුර අනාදිමත් කාලයක සිට වෙනත් බොහෝ නම්වලින් හඳුන්වනු ලැබීය. ජපානයේදී සුබාරු යන නමද ඒ අතරවේ.




 
 
 
 
මිථුන



Gemini Constellation හෙවත් මිථුන තාරකා මණ්ඩලය (රාශිය) උතුරු අර්ධ ගෝලයේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ බොහෝවිට දක්නට ලැබේ. උතුරු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ශීත කාලයේ සිට වසන්ත කාලය දක්වාම දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ග්‍රීෂ්ම කාලයේදී පමණක් දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ  උඩු යටිකුරු ලෙස දිස්වීම විශේෂත්වයකි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.