මාදුරු ඔය මිටියාවතන් අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දන වානා ගල පර්වතය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිතය.
පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් ලෙසින් සැළකෙන බැවින් මෙම පර්වතය Alien Mountain ලෙසින්ද හදුන්වයි. කන්දේගම ගම්මානයේ පිහිටා ඇති මෙහිදී අත්භූත භූ විෂමතාවයක් දැකගත හැකි නමුත් මේ පිළිබඳව විධිමත් හැදෑරීමක් කිසිවකු විසින් හෝ මේ වන තෙක් සිදුකර නොමැත.
නාලන්දා ගෙඩිගේ
මාතලේ ප්‍රදේශයේ ඉදිකර ඇති මෙය දිවයිනේ මධ්‍ය ලක්ෂයේ පිහිටා ඇති බව බොහෝ දෙනාගේ මතයයි. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ එක් ලක්ෂණයක් වූ ගෙඩිගේ හෙවත් ගිංජිකාවත්ත සහිත වහළ ක‍්‍රමය මෙම ගෙඩිගේ සඳහා පියස්ස කොට ගෙන ඇත.
අනුරාධපුරය යුගයට අයත් නිර්මාණයක් බවට විශ්වාස කරන මෙහි ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගුරු කරගනිමින් නිර්මාණයකොට තිබේ.
එලෙස පල්ලව ශෛලිය යටතේ ඉදිකළ වර්තමානය වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරය වන්නේ නාලන්ද ගෙඩිගෙයයි.
කෝවිලක ස්වරූපයෙන්ම නිර්මාණය කර ඇති නාලන්ද ගෙඩිගේ ඉදිකිරීම් කටයුතුවලදී ථේරවාද මෙන්ම මහායාන ඇදහිලිත් ඊට අමතරව හින්දු ඇදහිලිත් මිශ්‍ර කර තිබේ.
මේ ආසන්නයේ ඉදිකෙරුණු ජලාශය නිසා නාලන්දා ගෙඩිගේ මුල් පිහිටීම වර්තමානය වන විට වෙනස් වී ඇත.
තිවංක පිළිමගෙය
තොරතුරු අනුව පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැගිල්ල මෙය වේ.
ක්‍රි ව. 1153-1186 කාලයේ මහා පරාක්‍රමබාහු රජු විසින් සාදා මහා සංඝයා වෙත පිරි නැමූ බව කියවේ. මහල් තුනකින් සමන්විත වූ මෙය උසින් අඩි 133ක් වන අතර පලල අඩි 67.6ක් වේ. එසේම ගඩොල් බිත්තියක ඝනකම අඩි 7-12 අතර වේ. මෙහි ඇතුලත ඇති කැටයම් වලත් ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි. මෙහි බාහිර ස්වරූපය හින්දු කෝවිල් සම්ප්‍රදාය අනුගමනය කරමින් සකස් කර ඇතැයි සිතිය හැක. ගඩොල් මත බදාමයෙන් සැකසූ විවිධ දේව රූප, වාමන රූප මෙන්ම සිංහ රූපද දැක ගත හැකිය. වසර 900ක කාලයක් පුරාවට ස්වභාදහමේ විවිධ අකාරුණිකකම් මෙන්ම ඉන්දීය චෝල, මාග වැනි ආක්‍රමණ නිසා ද මෙහි පිලිම ගෙය විනාශයට පත්ව ඇත. කෙසේ නමුත් එකල මෙම නිර්මාණය කරන්නට ඔවුන් කොයිතරම් වෙහෙසක් දරන්නට ඇත්දයි සිතිය නොහැකි තරම්ය.
ලකේගල කන්ද
ජනප්‍රවාදයන්ට අනුව මෙය රාවණ යුගයේ ස්වභාවික පිරමීඩයක් ලෙස භාවිත කළ බවද රාවණ රජුගේ දඩුමොණරය ගුවන් ගත කල ස්ථානය බවට ද මතයක් ඇත. ලකේගල බලන බලන විට වෙනස් වන කළු ගලක් බව කියවේ. එදෙස එක් වරක් බලා අඩි දහයක් පමණ ඉදිරියට ගොස් නැවතත් හැරී බැලූ විට එහි තිබූ හැඩය වෙනස්ව දිස් වෙයි. මෙලෙස එකල රජවරුන්ගේ යුධ උපක්‍රමයක් වූ ස්වභාවික මායා ක්‍රමය මෙහි ගැබ් වූ නිසා රාවනා රජු මෙය ස්වභාවික බලකොටුවක් ලෙස ද භාවිතා කර ඇත. එසේම ලකේගල කදු මුදුනේ රාවනා රජුගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ලැබේ. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.
උස්සන්ගොඩ
උස්සන්ගොඩ ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. මෙය අභය භූමියක් සේ නම් කර ඇති අතර හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි දුර්ලභ පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස සළකන ප‍්‍රදේශයකි. විද්‍යාඥයින්ගේ මතය වන්නේ වසර මිලියන 15කට පමණ ඉහතදී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම භූමිය නිර්මාණය වී ඇති බවයි. මෙහි ඇති මදටිය ඇට මෙන් රතු පැහැයෙන් යුතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැකගත හැකිය. උල්කාපාතයක් පිපිරීමේ දී පිට වන අධික තාපය මඟින් පාෂාණ උණු වී ගොස් මෙසේ සිදුව ඇති බව මෙම විද්‍යාඥයින්ගේ මතයයි. අද වන විටත් මෙම භූමිය තුල ශාක නොවැඩෙන අතර තෘණ විශේෂයක් අතරින් පතර තැන් කිහිපයක පවතින කුඩා පඳුරු කිහිපයක් හැර වෙනත් ශාකයක් නොමැති තරම්ය. පිටසක්වළ ජීවීන් සමග සෘජු සබඳතාවක් පවත්වා ගන්නා බිමක් ලෙස හඳුන්වන උස්සන්ගොඩ වටා ගෙතී ඇති ජනකතා අතර හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ කුඩා කැබැල්ලක් ලෙසටත් හඳුන්වා දෙනවා. දුර්ලභ ඖෂධ වර්ග රැසක් දැකගත හැකි මෙම භූමිය ශ්‍රී ලංකාවේ 21 වැනි ජාතික උද්‍යානය ලෙස නම්කොට ඇත. උද්‍යානයේ දකුණු මායිම් ප්‍රදේශය තද බෑවුම් සහිත වන අතර ගල්පර වලින්ද යුක්‌තය. එසේ විහිදී යන බෑවුම අවසානයේ මනරම් සාගර පරිසර පද්ධතියකට විවර වේ.
ගාල්ල නගරය ආසන්නයේ ඇති අත්භූත කතා රැසකට සම්බන්ධ මෙම කන්ද ආශ්‍රීතව ඉතා දුර්ලභ ඖෂධ ශාක වර්ග රාශියක් හමුවී ඇත. නොගැඹුරු ගාලු මුහුදු තීරයේ බොනවිස්‌ටාව නමැති සුන්දර කොරල් පරයත්, උණවටුනත් රූමස්‌සල නිසාම බිහිවුණු මන බඳනා ප්‍රදේශ ලෙස සළකයි. ආතර් සී. ක්ලාක් මහතා පවසා ඇත්තේ මෙම කන්ද අවුරුදු දහස් ගණනකට පෙර වැටුණු උල්කාපාතයක කොටසක් බවයි. ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙය හිමාලයේ කොටසක් බවයි.දුර්ලභ ගණයේ ඖෂධ වර්ග 150 කට වැඩි ප්‍රමාණයක් එහි පැවතීමෙන් එය හනුමාන් ගෙන ගිය ඖෂධ වනාන්තරයෙන් කැඩී වැටුණ කෑල්ල ලෙස ජනප්‍රවාදයේ සඳහන් වෙයි. කෙසේ වුවද රූමස්සල කඳු වැටිය මෙම ස්ථානයට ආගන්තුකව ලැබුණු එකක් බව ඉතිහාසයද කියයි. එයට හොඳම නිගමනය දක්වන්නේ රාමායනයයි. මෙහි ඇති ජෛවවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය විසින් අභය භූමියක් බවට රූමස්‌සල පත්කර ඇති අතර හෙක්‌ටයාර් 170 ක් වන රූමස්‌සල අභය භූමියේ හෙක්‌ටයාර් 20 ක්‌ම රක්‍ෂිත වනාන්තරයක් වේ. මෙම කඳු මුදුනේ පලතුරු ගස් වලින් අනූන පලතුරු උයන් ඇති අතර වසර පුරා ඒවායේ ඉදුණු පලතුරු පවතී. එහි යන කෙනෙකුට ඕනෑතරම් පලතුරු කෑ හැකිය නමුත් ආපසු යන විට ගෙන යා නොහැකි බවද කියවේ. මෙම කඳු වැටිය පිළිබඳ ජනප්‍රවාද රාශියක්ම අති අතර ඉන් ප්‍රධාන වන්නේ රාවණා රජුගේ කථාවයි. එනම් හනුමන්තාගේ අත්වැරුද්දකින් හිමාල කන්දේ කොටසක් වැටී රූමස්සල කන්ද ලෙසට නිර්මාණය වූ බවටයි.
දිඹුලාගල රජමහා විහාරය
පොලොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හඳුන්වා ඇත. මෙහි ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. එනම් විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණ තම නෑදෑයන් ජීවත් වූයේ මෙම ප්‍රදේශයේ බව ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි. මෙම විහාරයට අයත් දිඹුලාගල කඳු වලල්ලෙහි ලෙන් කිහිපයක්ම පිහිටන අතර ඒවායේ කටාරම් වලට ඉහලින් බ්‍රාහ්මි අක්ෂර කොටා ඇත.