• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය ජාත්‍යන්තර ඇගයුම් අතරින් 5 වැනි ස්ථානයට

 
srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ අනිකුත් සමාගම් සමඟ සැසඳීමේ දී ස්ථාවර විශිෂ්ට තත්ත්වයේ කාර්ය සාධනයක්  වාර්තා කර ඇත.



ගෝලීය පියාසර දත්ත ලබාගන්නා Flightstats.com විසින් සිදු කළ නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව , ඉහළ කාර්ය සාධනයක්  පෙන්නුම් කරන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වන ස්ථානයට ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැකියාව ලැබී තිබේ. 


මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ  ශ්‍රීලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම කාර්ය සාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවයි. එසේම එවන් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන්  අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බවද හෙතෙම පැවසීය. “මෙම උත්සහය නිසා අපගේ  පාරිභෝගිකයින්ට  වාසි බොහෝමයක් අත්වෙන බවත්  ශ්‍රීලංකන් ගුවන් සමාගම නියමිත වේලාවට සිය මෙහෙයුම් කටයුතු කිරීම පිළිබඳ ව ඔවුන් අතිශය සතුටට පත්වන බවට තමන් විශ්වාස කරන බවද  ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 



Flightstats නිරීක්ෂණ  අනුව ශ්‍රීලංකන් ගුවන් යානා  නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදු කිරීමේ ප්‍රතිශතය 86.49% වන අතර  අනෙකුත් ගුවන් සමාගම් 40 හි සාමාන්‍ය ප්‍රතිශතය වන 78.33%  හා සැසඳීමේ දී එය ධනාත්මක වර්ධනයකි. මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ දකුණු ආසියාව වැනි  ප්‍රධාන පෙලේ ගුවන් සේවා බොහොමයක් එයට ඇතුළත් වේ.


2017 වසරේ පළමු අර්ධය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ස්ථාවර කාර්ය සාධනය හේතුවෙන් පසුගිය මාස හය තුළ හොඳම ගුවන් සේවා  දහය අතරට පත්වීමට ශ්‍රීලංකන් වරම් ලැබීය. ඒ අනුව  එහි කාර්ය සාධනය ජනවාරි මාසයේදී 81.52% ක් , පෙබරවාරී මස 85.88% ක්ද, මාර්තු මාසයේදී 83.67% අප්‍රේල් මාසයේදී 85.21% ක් හා මැයි මාසයේදී 85.36% ක් විය.


2017 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පථය නවීකරණය කිරීම හේතුවෙන් තද බදයක් ඇතිවුවද  ඉහළ මට්ටමේ කාර්ය සාධනයන් පෙන්වීම විශේෂිත වේ.  


ශ්‍රීලංකන් භූමි මෙහෙයුම් අංශය, සිය මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සළකන අතර ගෝලීය සම්මානලාභී සේවා මට්ටම් පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිය යටතේ කටයුතු කරයි. කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා සමස්ත  භූමි මෙහෙයුම් සේවා සපයන එකම ආයතනය ශ්‍රීලංකන් ගුවන් සමාගමයි. 


එහි කාර්යසාධනය ගුවන් සමාගමේ ගනුදෙනුකරුවන්ගේ මෙන්ම මගීන්ගේත්  නිරන්තරව හිතකර අදහස් දැක්වීමට හේතු වී තිබේ. 


2016/ 2017 වසර සඳහා වූ මූල්‍ය වර්ෂය තුළ දී ශ්‍රීලංකන් භූමි මෙහෙයුම් අංශය සියලුම ගුවන් සමාගම් හි ගුවන් යානා 57,000 කට ආසන්න සංඛ්‍යාවක් ගුවන් මෙහෙයුම් සිදුකර ඇති අතර  මගීන් මිලියන 9.5 ක් පමණ මෙහෙයවනු ලැබීය.


ශ්‍රීලංකන් හි උත්සාහය වන්නේ කාලානුගත කාර්ය සාධනයයි. එහි ගුවන් තොටුපළ මගී සේවා කාර්ය මණ්ඩලය, භාණ්ඩ හැසිරවීමේ කටයුතු, ගුවන් නියමුවන්, නඩත්තු සේවකයින්, ගුවන් යානා පිටත්කර යවන්නන් , ආරක්ෂණ කාර්ය මණ්ඩලය සහ තවත් බොහෝ අයගේ කාර්ය සාධන අධීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීමේ කමිටුවක් විසින් මෙහෙයවනු ලබයි. 


ඕනෑම ගුවන් සේවාවකට නිති පතා නියමිත වේලාවට වැඩකිරීම ඉතාම අභියෝගාත්මක වේ. මන්දයත් කාලගුණය, , ගුවන් ගමන් පාලක ගැටළු,  නීති රීති සහ ආගමන පාලන විධිවිධාන, කුරුළු උවදුරු(bird strikes), ගුවන් තොටුපළ තදබදය  වැනි දෑ කාර්ය සාධනය අඩාල වීමට බලපාන ප්‍රධාන සාධක වේ. 


ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ ගුවන් ගමන් කාලානුගත යැයි සැළකෙන්නේ  ගුවන් යානා පිටත්වීම සහ පැමිණීම නියමිත වේලාවට විනාඩි 15 ක් ඇතුළත සිදුවේ නම් ය. එසේම ලෝකයේ  ගුවන්තොටුපලවල්  සහ ගුවන් සමාගම්,  ගෝලීය ගුවන් ගමන් ජාලයේ  ගුවන් මෙහෙයුම් සිදුකරන ගුවන් තොටුපොළවල් වෙත පැමිණීම් සහ පිටත්වීම්  මත ඇගයුම් කර ඇත.


ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී ලෝක සංචාරක සම්මාන උළෙලේ දී  "ඉන්දියන් සාගර කලාපයේ මෙහෙයුම් කටයුතු සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවය" සඳහා සම්මාන රැසක් දිනා ගත්තේය. ශ්‍රීලංකන් ගුවන් සමාගම  සිංගප්පූරුවේ දී පැවැත්වූ  2016  Future Travel Experience Asia  සම්මාන උළෙලේ  දී  මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම සමස්ත සේවා සපයන  ගුවන් සම්මානයෙන්  පිදුම් ලබා තිබේ. ගුවන් සමාගම විසින්  අතිනවීන එයාර්බස්  ගුවන්  යානා වන A320neo,  A321neo  සහ A330-300  මෙහෙයුම් සිදුකිරිම සඳහා යොඳවා ඇති අතර සංචාරකයින්ට නවමු ගුවන් ගමනක අත්දැකීම ලබාදීමට ද ගුවන් සමාගම  කටයුතු  කර ඇත.  ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන්  ජාලය රටවල් 47 ගමනාන්ත 104 දක්වා ව්‍යාප්ත වී ඇත.  වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් ගමන්  ජාලයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් මගීන්ට වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හා එක්ව  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකිරීමේ  අවස්ථාව හිමිවී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.