• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගෝලීය ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාම අතින් ශ්‍රීලංකන් ගුවන් සමාගම 8 වන ස්ථානයට

srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම ජා‍ත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA - International Air Transport Association)  ශ්‍රේණිගත කිරීම අනුව ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යන ගෝලීය ගුවන් සේවා 51 අතරින් 8 වෙනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ.


පසුගිය මාස 22 ක කාලය තුළ ඉන්ධන දහනය අඩු කිරීම සඳහා ඉන්ධන කාර්යක්ෂමතාව සහ අරපිරිමැස්ම වෙනුවෙන් ගුවන් සමාගම විසින් දියත් කරන ලද ක්‍රමවේද  මෙහිදී ඇගයීමට ලක්කරන ලදී.



ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA)  2016 වසරේ ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් වලට  අනුව ශ්‍රීලංකන් 8 වෙනි ස්ථානයට පත්කරමින් ලීටර් 34.86Ltr / 100RTK  (liters per 100 revenue ton kilometers) කාර්යක්ෂමතාවයක් පවත්වාගෙන ඇත.  2016 වසර සඳහා IATA හි  ඉලක්කය වූයේ 35.26Ltr / 100RTK යි.


2015 අගෝස්තු සිට 2017 ජූනි මාසය  දක්වා  මාස 22 ක් තුළ සැලසුම්ගත ඉන්ධන දහනය  සැසඳීමේදී, ගුවන් නියමුවන්ගේ ප්‍රයත්නයන් සහ කුසලතා හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 2.3 කට වඩා මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වී තිබේ. ඉන්ධන ඕනෑම ගුවන් සේවයක් සඳහා විශාලතම පිරිවැය වන අතර ඉන්ධන මිල වැඩිවුවත්  ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ ක්‍රියාකාරීත්වය,  මෙහෙයුම් පිරිවැය අඩු කර ගැනීමට උපරිමයෙන් දායක වී ඇත.  


ශ්‍රීලංකන් හි ඉන්ධන පිරිමැසීමේ උත්සාහයන් මෙහෙයවනු ලබන්නේ ගුවන් යානා මෙහෙයුම් අංශය මගිනි. ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා නවීන ක්‍රමවේදයන් භාවිතා කරමින් පවත්නා ඉන්ධන ඉන්ධන කාර්යක්ෂමතා ක්‍රමවේදය අධීක්ෂණය කිරීම ඔවුන් විසින් සිදු කරනු ලබයි. 


මේ සඳහා IATA නිර්දේශිත වැඩසටහන් ගණනාවක් , එනම් එයාර්බස් සහ ගුවන් ගමන් සැලසුම් කිරීමේ අවදියේ සිට ගමනාන්තය දක්වා ප්‍රායෝගික නිර්දේශයන්  ඇතුළත් වේ.  ඉන්ධන කාර්යක්ෂමතාව උපරිම ලෙස පවත්වාගෙන යාම සඳහා හැකි සෑම ක්‍රියාදාමයක්ම එනම් සෘජු මාර්ග මත පියාසර කිරීම, ගොඩබැස්සවීමේ දී උපරිම ඉන්ධන දහනය අවම කිරීම, මෙන්ම ගොඩබෑමෙන් පසු තනි එන්ජිමක් උපයෝගී කර ගැනීම ( taxi-in ) , සහායක බලශක්තිය භාවිත කිරීම , මේ සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමයන් වේ. තවද  ගුවන් යානා ඉන්ධන අංශය (The Aviation Fuel Department) මාසිකව ගුවන් නියමුවන් වෙත  ඉන්ධන වාර්තා ලබාදෙන අතර එමඟින් ඉන්ධන වැඩි දියුණු කිරීම හා ඉතුරුම් පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගත හැකිය. 


තවද මෙම ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගැනීම සඳහා ශ්‍රීලංකන් ඉංජිනේරු, භාණ්ඩ, Product Development, ගුවන් ගමන් පිටත් කිරීමේ අංශය සහ අභ්‍යන්තර සේවා ඇතුළු අනෙකුත් සේවාවන්  ඔවුන්ගේ ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමෙන් දායකත්වය ලබාදී ඇත.


ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉතුරුම් වලට අමතරව, ශ්‍රීලංකන් ගුවන් යානා යානා පිටත් කර හැරීමේ දී 
"“Tankering”  යනුවෙන් හැඳින්වෙන ක්‍රියාවලියක් මගින් , මෙම කාලසීමාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2.7 ක ඉතිරියක් ලබා ගෙන ඇත. Tankering යනු ගුවන් යානා ඉන්ධන වල මිල වැඩි වන විට ඉන්ධන මිල අඩු ගුවන් තොටුපොළවල් වලින් ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදයයි. දැනට ගුවන් සමාගම මාලදිවයින වෙත යන ගුවන් ගමන් සඳහා මෙම ක්‍රමවේදය යොදා ගනී. එනම්  මාලදිවයින සිට කොළඹට ආපසු එන ගුවන් ගමන් සඳහා අවශ්‍ය වන  ඉන්ධන කොළඹ සිට ගෙන යාම සිදුකරයි.  


මීට අමතරව දකුණු ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය වැනි ගමනාන්ත සඳහා Tankering භාවිත කරනු ලබයි. මෙම ගමනාන්ත වල ඉන්ධන මිල ගණන් අඩු වීමක් පෙන්නුම් කරන බැවින් ගුවන් යානා සඳහා අවශ්‍ය කරන ඉන්ධන මෙහිදී ලබා ගනී. 


ශ්‍රීලංකන් ගුවන් සමාගම  ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නංවමින් පරිසර සංරක්ෂණයට සෘජු දායකත්වය ලබා දී  ගෝලීය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු බවට පත්වී ඇත. 


ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන්  ජාලය රටවල් 47 හුවමාරු ගුවන් සේවා සමග ගමනාන්ත 105 දක්වා ව්‍යාප්ත වී ඇති අතර ගමනාන්ත 41 සඳහා ජාලගතව ක්‍රියාත්මක වේ.   වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන් ගමන්  ජාලයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් මගීන්ට වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හා එක්ව  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකිරීමේ  අවස්ථාව හිමිවී ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගම

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.