ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් ඊයේ (18) පස්වරුවේ දිගන මධ්‍යම පළාත් කී‍්‍රඩා සංකීර්ණ පරිශ‍්‍රයේදී පැවති උත්සවය අමතමිනි.
රාජ්‍ය සේවයේ ඉඩම් අංශයේ කටයුතු පිළිබඳ දීර්ඝකාලයක් පුරා මෙරට ජනතාව තුළ ඇත්තේ අපැහැදීමක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මෙම අමිහිරි අත්දැකීම් ආදර්ශයට ගනිමින් කොතැනක හෝ සිදුවන වරද නිවැරදි කර ගනිමින් අද දවසේ කාර්යය සේම හෙට දවසේ සිය මහජන සේවාව නිසි ලෙස ඉටුකිරීමට එම සියලු නිලධාරින් කැපවිය යුතු බවද අවධාරණය කළේය.
ඉඩමක උරුමය තම ජීවිතය මෙන්ම පරම්පරාවක උරුමයක් පිළිබඳ ප‍්‍රශ්නයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම උරුමය තහවුරු කිරීමට කටයුතු කිරීම රටේ පුරවැසියන් වෙනුවෙන් ඉටු කරන පරම යුතුකමක් බව ද කියා සිටියේය.
රජයේ කටයුතු කරගෙනයාමේදී විවිධ චෝදනා සහ විරෝධතා එල්ලවන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ලක්ෂණයක් බවත් රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොමැති නම් එවැනි විරෝධතා ද ඇති නොවන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
රටේ ජනතාව තමන්ගේ අයිතීන් ඉල්ලා සිටීමට මෙන්ම දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කිරීමට ද බිය වූ යුගයක් අවසන් කර රට තුළ තහවුරු කර තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිසි ලෙස භුක්ති විඳිමින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
මහවැලි ජනපදිකයින් දිගුකලක් තිස්සේ මුහුණ පා සිටින ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කෙරේ. පසුගිය වසර පුරා සාර්ථකව ඉදිරියට පැමිණි එම වැඩසටහන මේ වන විට සියයට 85 ක් සම්පූර්ණ කර තිබෙන අතර ඉතිරි කටයුතු ද කඩිනමින් අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.
වික්ටෝරියා සහ කොත්මලේ කලාපවල මහවැලි ගොවීන් එක්දහස් තුන්සීය දෙදෙනෙකු වෙනුවෙන් මෙහිදී ඉඩම් ඔප්පු පිරිනැමුණු අතර එය සංකේතවත් කරමින් සිය දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. පූජා ඔප්පු 06 ක් ද පිරිනැමිණි.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින්වහන්සේ, රාමඤ්ඤ මහනිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය අංකුඹුරේ පේමවංශ ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන්වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ද මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු මධ්‍යම පළාත් සභාවේ මැති ඇමතිවරුන් මෙන්ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දිගන මධ්‍යම පළාත් ක‍්‍රීඩා සංකිර්ණයේ පැවැති මහවැලි ඔප්පු ප‍්‍රදානෝත්සවය අමතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා කළ කතාව
(2017.08.18)
මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මහවැලි ගම්මානවල ජීවත්වන අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්ව තිබූ තම ඉඩමේ අයිතිය, උරුමය හිමිවන අවස්ථාවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව තිබෙන්නේ දීර්ඝතම වූ ඒවගේම කීර්තිමත් ඉතිහාසයක්. බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුවත්, බි‍්‍රතාන්‍ය පාලනය තිබුණු අවස්ථාවලදිත්, මේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව ඉතිහාසය සහ ඒ මතක සටහන් ඔබ අප කාගේත් හදවත් තුළ සටහන්ව තිබෙනවා.
රාජ්‍ය මන්ත‍්‍රණ සභාව කාළේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් සිටි ලංකාවේ පළවෙනි අග‍්‍රාමාත්‍ය ඞී.එස් සේනානායක මැතිතුමා තමයි මේ රටේ මහ ගොවිජනපද ව්‍යාපාර පටන් ගත්තේ. අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, දිගාමඩුල්ල, ත‍්‍රිකුණාමලය වැනි ප‍්‍රදේශවල එදා මහ ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කිරීම මේ රටේ ගොවිජනපද ශිෂ්ටාචාරයක් සහ ගොවිජනපද සංස්කෘතියක් වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පුළුල් පදනමක් ඇති කෘෂි ආර්ථිකයක් ආරම්භ කිරීම සඳහා මූලික පදනමක් සහ අඩිතාලමක් ඒ තුළ ඇති වුණා. එදා මෙදා කාලය තුළ මේ රටේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තම කාලසීමාව තුළ ගොවි ජනපද ව්‍යාපාරවල ජීවත්වන ජනතාව ආර්ථික සමෘද්ධිමත් ජනතාවක් විදියට ගොඩනැගීමට ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1977 අලුත් ආණ්ඩුව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගාමිණී දිසානායක ඇමතිතුමාගේ නායකත්වය තුළ මහවැලි ව්‍යාපාරයේ නව නැම්මක් සමග නව ගමනක් ආරම්භ කළ බව ඔබ දන්නවා. මේ රටේ මහවැලි ව්‍යාපාරය පිළිබඳව ඓතිහාසික පසුබිම 1930 දශකයේ සිට 40, 50, 60 දශක දක්වා දිව එනවා. 1965 පමණ පොළොන්නරුවෙන් එදා නායකත්වය දුන් සී.පී ද සිල්වා ඇමතිතුමා තමයි මේ රටේ මහවැලි විෂය භාර පළවෙනි අමාත්‍යවරයා විදියට පත් වුණේ. ඉන්පසුව මහවැලිය උතුරට හැරවීමේ කාර්යයේදී 1969 සී.පී. ද සිල්වා ඇමතිතුමා මහනුවර පොල්ගොල්ලෙන් ජලය උතුරට හැරවීමේ වේල්ලට මුල්ගල තබලා ආරම්භ කළා. 1970 ආණ්ඩු වෙනසින් පසුව රජරට නායකයෙක් වූ මෛත‍්‍රීපාල සේනානායක මැතිතුමා එම විෂයභාරව කටයුතු කළා. 1976 ජනවාරි මාසේ 08 වෙනිදා පොල්ගොල්ලෙන් රජරටට ජලය හරවනු ලැබුවා. 1977 ආණ්ඩු වෙනසත් සමග කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වුණේ ඉන්පසුවයි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය මේ මහා ජලාශ සමග එදා මූලිකත්වය දුන්නේ කෘෂි ආර්ථිකයට වඩා මේ රටේ කර්මාන්ත සංවර්ධනය සඳහා විදුලිබල උත්පාදනය වෙනුවෙන්. 77 බලයට පත් වූ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග රටට අවශ්‍ය කර්මාන්ත සංවර්ධනයේදී මූලික වශයෙන් අවශ්‍ය වූ විදුලිබල නිෂ්පාදනයට මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ප‍්‍රමුඛත්වය දුන්නා. ඒවගේම කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මහවැලි නව ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවා. 1994 බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ඉදිරි කටයුතු සාර්ථකව ඉටු කරගෙන එනු ලැබුවා. 2005 ජනවාරි මාසේ 25 වෙනිදා තමයි මහවැලි සංවර්ධන මහා සැලැස්මේ ප‍්‍රධානතම කෘෂිකාර්මික යෝජනා ක‍්‍රමය වූ මොරගහකන්ද කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණේ. නමුත් ඔබ දන්නවා එක්දහස් නවසිය තිස් ගණන්, හතළිස් ගණන් වල සිට ආ වැඩසටහනට අපි බලාපොරොත්තු වූ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ ඉලක්කත් ඒ වගේම විදුලිබල උත්පාදනයත් කර්මාන්තකරණයත් මේ සියල්ල එක්ව එක දිගට කරගෙන ආවා වගේම ඇතැම් අංශවල යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් සිදු වුණා. 2007 ජනවාරි 25 වෙනිදා මොරගහක්නද මුල්ගල තැබුවත් අවුරුදු 05 ක් යනතෙක් ඒ ව්‍යාපෘතියේ කටයුතු කෙරුණේ නැහැ. විෂය භාර ඇමතිවරයා විදියට මම හිටියේ. ඒ සඳහා අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. රජරට ජනතාව ඒ පිළිබඳව කරන ලද නොයෙකුත් ඉල්ලීම් ආණ්ඩුව ඇතුළේ අප විසින් කරන ලද නොයෙකුත් බලපෑම් උඩ තමයි 2012 වනවිට මුදල් ලබාගන්න පුළුවන්කම ලැබුණේ. 2007 වැඩ ආරම්භ කළ අවස්ථාවේ සිට මොරගහකන්ද කළුගඟ ජලාශයේ ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව කෙරී ගියා නම් 2012 උතුරමැදට සහ වයඹට ජලය ලබාදෙන්න පුළුවන්කම තිබුණා. කළු ගඟ ඇතුළු වයඹ ඇළ සංවර්ධනය ඒවගේම උතුරු මැද මහ ඇළ සංවර්ධනය තුළ වැව් 600 ක් ප‍්‍රතිසංස්කරණය වගේම ජල කළමනාකරණය සම්බන්ධයෙන් ඓතිහාසික පරිවර්තනයන් රාශියක් ඒ තුළ සිදුවෙනවා.
මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එදා මෙදා ඒ ඓතිහාසික කීර්තිමත් කතාවත් සමග වසර ගණනාවක් මේ ජනපදවල ඔබ වැනි පිරිස් ඔබේ ඉඩමේ අයිතිය, ඔප්පුව, බලපත‍්‍රය, දීමනා පත‍්‍රය සම්බන්ධයෙන් බොහෝ ප‍්‍රශ්නවලට ඔබ සෑම කෙනෙක්ම මුහුණ දුන්න බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඉඩමේ බලපත‍්‍රය ගන්න මහවැලි කාර්යාලවලට ඔබ කොතෙක් යන්න යැද්ද? කොට්ඨාශ කාර්යාලවලට කොතෙක් යන්න ඇද්ද? ඒ ඇතැම් වෙලාවට ගොවි ජනතාව විදියට ඔබට රසවත් වූ මිහිරි සුන්දරවූ කතා වගේම අසුන්දර, අශීලාචාර සිද්ධීන්වලටත් මුහුණ දීමට සිදුවූ බව රහසක් නොවන බව ඔබත් මමත් දන්නා වූ කරුණක්. මහවැලි ජනපදවල පමණක් නොව මු`ථ රටක් වශයෙන් ගත්තොත් ඉඩම් කටයුතුවලදි බලපත‍්‍ර දීම, දීමනා පත‍්‍ර, ඔප්පු ලබා ගැනීමේදී මහවැලි ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශ, පළාත් සභාවල ඉඩම් අංශවල ජනතාව ඒ අංශවල කටයුතු කිරීම ගැන ජනතාවගේ පැත්තෙන් පැහැදීමක් නොමැති බව අප සෑම කෙනෙක්ම වටහා ගැනීම අත්‍යවශ්‍යයි කියා මා විශ්වාස කරනවා. බොහෝවෙලාවට ඉඩමේ ඔප්පුව, ඉඩමේ බලපත‍්‍රය ලබාගැනීමට ගිහිල්ලා මුදල් දෙන්න වුණු අවස්ථා කොතෙක් ද කියන එක ඔබ වගේම මේ රටේ ගොවි ජනපදවල ජීවත් වන ජනතාව දන්නවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා මහවැලියේ ඉහළම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට අවසාන කම්කරුවා දක්වා ඒ සෑම කෙනෙක්ම රටේ ජාතික සංවර්ධනය සඳහා ලබාදී ඇති දායකත්වය හා කැපවීම ඉතාමත් විශිෂ්ටයි. ඒ පිළිබඳව මු`ථමහත් ජාතියේ ගෞරවය මහවැලි සංවර්ධන ව්‍යපාරායේ එදා මෙදා කටයුතු කළ සියලූදෙනාට හිමි වෙනවා. එහෙත් ඉඩම් අංශවල කටයුතු සම්බන්ධයෙන් ජනතාවගේ පැහැදීමක් නොමැති බව කණගාටුවෙන් වුණත් කිව යුතුයි. ඇතැම් ඉඩම්වලට එකම ඉඩම තුන් හතර දෙනෙකුට දීපු අවස්ථාවල් මහවැලි ගොවිජනපද වල තිබෙනවා. ඉඩම් බලපත‍්‍රය, දීමනා පත‍්‍රය නැත්නම් ඔප්පුව ලබා ගන්න ගිහිල්ලා බොහෝ දුක්ගැහැට, ප‍්‍රශ්නවලට මුහුණ දුන්න බව ඔබ මෙන්ම මේ රටේ මහවැලි ජනපදවල ජීවත්වන ගොවි ජනතාව ඉතාමත් පැහැදිලිව දන්නවා. ඒ නිසා අපේ හෘද සාක්ෂිය තුළ කල්පනා කරන්නට ඕනෑ අපි හිතන්නට ඕනෑ රාජ්‍ය සේවය වේවා අනිකුත් රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල ඒ ඕනෑම ආයතනයක වැඩ කරන කෙනෙක් ජනතාවගේ හිතසුව සඳහා ජනතාකාමී ලෙස ජනතාවගේ හදවත් දිනා ගනිමින් ඔවුන්ට සේවය කිරීමේ ඒ අවංක අත්‍යවශ්‍ය වූ කාර්යය රට සහ ජනතාව විසින් ඉටු කළ යුතුයි. යම් කිසි අංශයක ජනතාවගේ විරෝධය, අප‍්‍රසාදය පිළිකුල්සහගත බවක් ඇති වෙනවා නම් ඒ අංශවල ප‍්‍රධානීන් ඒ සඳහා වගකීම ඉතාම අවශ්‍යයයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා අපේ රටේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන සෑම ආයතනයක්ම මහවැලි, ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සභාවේ ඉඩම් අංශය වගේම නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ඉඩම් පිළිබඳව ජනතාව සමග කටයුතු කරන සෑම ආයතනයකම අක‍්‍රමිකතා දූෂණ වංචා පිළිබඳව ජනතාව තුළ ඇත්තේ අපස‍්‍රදායක් කියන එක පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. මෙය පසුගිය දශක කිහිපය තුළ සිදුවුණු දෙයක්. ජනතාවගේ එවැනි අප‍්‍රසාදයට පත් වුණු ඇතැම් අය සේවාවන්වල නැහැ. වැඩි පිරිසක් විශ‍්‍රාම ගිහිල්ලා. ඒ වගේම සමහර අය ජීවතුන් අතර නැහැ. රාජ්‍ය සේවයේ සෑම තැනකම ඉඩම් අංශවල සේවය කරන රාජ්‍ය සේවයේ පිරිස් ඉතා අවකංව තමාගේ වගකීම ඉෂ්ට කිරීම තුළ ජනතාවගේ ප‍්‍රසාදය ලබා ගැනීම තමාගේ හෘද සාක්ෂිය තුළ කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි කියන එකයි මම එහිදී සඳහන් කරන්නේ. මම මේ චෝදනාව එල්ල කරන්නේ සෑම කෙනෙකුටම නෙවෙයි. නමුත් මේ කටයුතුවල වගකීමෙන් ක‍්‍රියාකරන සෑම කෙනෙක් තුළම ඉන්න එවැනි චෝදනාවලට ලක්වන්නාවූ අයගේ හෘද සාක්ෂිය දන්නවා තමන් එවැනි වැරදි කළාද නැද්ද කියන කාරණාව. දිගන නැත්නම් වික්ටෝරියා ව්‍යාපෘතිය තුළ ඉඩම් දීමේදී ඉඩම් ලබා ගැනීමේදී පසුගිය අවුරුදු කිහිපය තුළ අවුරුදු 20 ක 25 ක කාලය පිළිබඳව ගත්තොත් බොහෝ අප‍්‍රසන්න සිද්ධීන් තිබෙන බව මෙහි සිටින ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මම මහවැලි ඇමතිවරයා විදියට දීර්ඝ කාලයක් වරින් වර කටයුතු කරලා තිබෙනවා. නමුත් ඇතැම් වෙලාවට ඇමතිවරයා නොමග යවමින්, අමාත්‍යාංශයේ ලේකම්වරයා නොමග යවමින්, අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොමග යවමින්, ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය සම්බන්ධව ඇතැම් නිලධාරීන් ඉතාමත් බරපතළ වැරදි දිගන සහ ඒවගේම වික්ටෝරියා, කොත්මලේ ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන්ම සිදුකර ඇති බව මෙහි සිටින සෑම කෙනෙක්ම දන්නා වූ කවුරුත් විශ්වාස කරන දෙයක්. ඒ නිසා එවැනි අමිහිරි අත්දැකීම් රාශියක් මේ ඉඩම් ලබාදීම් පසුබිම තුළ තිබෙනවා. මම මේවා කියන්නේ මේවා කිව්වේ නැත්නම් වෙන කියන්න තැනක් නැහැ. මේවා නිවැරදි කරගැනීම අවශ්‍යයි. අද දවසේ කාර්යය වගේම හෙට දවසේ රටේ මහජනයා වෙනුවෙන් ඉෂ්ට කරන්නා වූ කාර්යයේ නිවැරදිභාවය අවශ්‍යයි. වැරැුද්ද කොතැනක හෝ සිදුවෙනවා නම් ඒ වැරැුද්ද කොතැනින් හෝ නිවැරදි වීම ඉතාම අත්‍යවශ්‍යයයි. මහවැලි අධිකාරිය තුළ වැඩ කරන නිලධාරීන් අවස්ථා ගණනාවක් තුළ අල්ලස් හා ¥ෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා එවැනි අපකීර්තිමත් තත්ත්වයන් ඇති කර ගන්නේ නැතිව ජනතාවගේ සේවාවන් ඉටු කිරීමේදී අපේ වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකිරීම ඉතාම අත්‍යවශ්‍යයයි කියන එක අප පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඉඩම් පිළිබඳව ආරවුලක් ඇති වූ විට ඉඩම් නිරවුල් කිරීමේ කාර්යයේදී කිසිදු අවස්ථාවක දේශපාලනඥයෙක් වේවා රාජ්‍ය නිලධාරියෙක් වේවා දේශපාලන පක්ෂ භේදයෙන් ඉඩම් නිරවුල් කිරීම සඳහා ඒ දෙස බැලීම ඉතාමත්ම අන්‍යවශ්‍ය කාරණයක්. ඉඩමක් පිළිබඳව අයිතිය පරම්පරාගත ප‍්‍රශ්නයක්. තමාගේ පරම්පරාවේ අයිතිය පිළිබඳව ප‍්‍රශ්නයක්. තමාගේ ජීවත්වීම පිළිබඳව ප‍්‍රශ්නයක්. තමාගේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ප‍්‍රශ්නයක්. තමන්ට ජීවත්වෙන්න හදාගන්න තිබෙන ගෙයක් දොරක් පිළිබඳව තිබෙන ප‍්‍රශ්නයක්. මහපාරේ ජීවත් වෙනවාද තමන්ට අයිති ඉඩමක ජීවත් වෙනවාද කියන ප‍්‍රශ්නය මේ ඉඩමක අයිතිය කියන ඒ සැබෑ ඉඩම්වල හිමිකරුවන් තුළ අවංකවම තිබෙනවා. ඒ නිසා අපි හිතන්නට ඕනෑ මෙය අපි නිවැරදි කරනවා නම් එය ඉතාමත්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ කාර්යයක් කියන එක. එමෙන්ම ඒ වැරදියට කරනවා නම් එය අකුසලයක් වගේම බෞද්ධයින් විදියට ඒ කරන්නා වූ වැරදි බොහෝ වෙලාවට තමන් වෙතම යම් කිසි කාලයක පසුපස එනවා. ඒ නිසා අපිට මේ දේවල් නිවැරදි කරගෙන අපේ සංවර්ධන කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයයි. මම නැවතත් කියනවා අවංකව කැපවීමෙන් සේවය කරන සියලූ නිලධාරී කාර්ය මණ්ඩල එවැනි වැරදි නොකරන ඒ සෑම කෙනෙකුටම මු`ථමහත් රජයේත් ජනතාවගේ ගෞරවය සැමවිටම හිමි වෙන බව. ඒ අය වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටිනවා. මහවැලි සංවර්ධන ව්‍යාපරය විදියට මෙතෙක් ආ ගමනේ තව බොහෝ දුර යායුතුව තිබෙනවා. මොරගහකන්ද ක`ථ ග`ග සංවර්ධන ව්‍යාපාරය වගේම මින් ඉදිරියට එවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නට අපි අපේක්ෂා කරනවා. අද දවසේ ඔබ සෑම කෙනෙකතුටම දීර්ඝ කාලයක සිටම බලාපොරොත්තුව තිබූ මෙම ඉඩම්වල ඔප්පුව ලබා ගැනීමේ කාර්යය ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ රජයේ ජාතික වැඩසටහන තුළ අද ඉතාමත්ම සාර්ථකව ඉටු කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටු වෙනවා. මේ ඔප්පු ලබාදීම වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටු කළ සියලූ නිලධාරී මහත්ම මහත්මීන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. රටක් විදියට අපේ වගකීම් සහ යුතුකම් සමග සංවර්ධනය මනුෂ්‍යත්වය යහපත් සමාජය සැබෑ වූ අවංක වූ සේවාව මේ සියල්ල අප විසින් ඉටු කළ යුතු වෙනවා.
රජයක් විදියට වැඩ කරන විට බොහෝ චෝදනා විවේචන ඇති වෙනවා. ඒ විවේචන නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබෙන ලක්ෂණ විදියටයි මම සැමවිටම සලකන්නේ. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එක නැත්නම් ඒ විවෙව්න ඇති වෙන්නේ නැහැ. බියෙන් ජීවත්වන සමාජයක් රට තුළ නිර්මාණය වෙන්නේ. මේ රටේ එක්තරා කාලයක් තිබුණා. එක්තරා යුගයක් තිබුණා. තමන්ගේ අතේ තිබුණු දුරකතනයෙන් තමන්ගේ හිතවතෙකුට කතා කරන්න බයක් තිබුණු කාලයක්. රජයේ නිලධාරීන් තමන්ගේ දුරකතනයෙන් තවත් තමන්ගේ සහෝදර නිලධාරියෙකුට යම් කිසි ප‍්‍රශ්නයක සැබෑ තත්ත්වය කතා කරන්න බියෙන් ජීවත් වුණු කාලයක් තිබුණා. දේශපාලනඥයින් තමන්ගේ දේශපාලන මතය නිවැරදිව ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව කතා කරන්න බියක් තිබුණු යුගයක් තිබුණා. මේ රටේ කම්කරු පන්තිය වගේම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, ඉල්ලීම් සම්න්ධයෙන් උද්ඝෝෂණය කරන්න පාරට බහින්න, විරෝධතා කරන්න, උපවාස කරන්න, සත්‍යග‍්‍රහ කරන්න බියෙන් ජීවත් වුණු කාලසීමාවක් තිබුණා. එවැනි යුගයක් අපි අවසන් කරලා තිබෙනවා. ලබාදී ඇති නිදහස් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය නිසි ලෙස භුක්ති විඳීම ඒ ජනතාවගේ අයිතියක් වගේම ඒ භුක්ති විඳින නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසිලෙස අවබෝධ කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසාම අපි රජයක් විදියට මොන විදිහේ චෝදනා, බලපෑම්, උද්ඝෝෂණ කොපමණ ආවත් අපි රජයක් විදියට රට සහ මහජනතාව වෙනුවෙන් අවංකව ඒ අපේ වගකීම් ඉටු කරන බව සඳහන් කරන්නට ඕනෑ. අනාගතය වඩාත් සුබවාදී අනාගතයක් විදියටයි අපි දකින්නේ. රටක අනාගතය සඳහා සෑම කෙනෙකුගේම සහයෝගය තිබෙන්නට ඕනෑ. දේශපාලනඥයින්ද, රාජ්‍ය නිලධාරීන්ද, රාජ්‍ය නොවන ආයතනද, රටේ සාමාන්‍ය පොදු මහජනතාවද, තමාගේ රට, තමාගේ මව්බිම තමාගේ වගකීම සහ යුතුකම කියන ඒ අවංක චේතනාවෙන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි. එවැනි පසුබිමක් තුළ රජයක් විදියට කටයුතු කරගෙන යාමේදී අපේ ගෞරවණීය පූජනීය මහා සංඝරත්නය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. උන්වහන්සේලාගේ අනුශාසනා උපදෙස් මත තමයි අපි සැමවිටම කටයුතු කරන්නේ. ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා, මගපෙන්වීම් අපට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. රටක් කර ගෙන යාමේදි රාජ්‍ය පාලනය තුළ අද දවසේ පමණක් නොවෙයි අපේ රටේ මු`ථ ඉතිහාසය පුරාම ගෞරවණීය මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා ලබා ගනිමින් තමයි සෑම රාජ්‍ය පාලකයෙක්ම කටයුතු කරලා තිබෙන්නේ.