• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පලාගල, කරවිලගල, ප්‍රදේශයේ වන අලි උවදුර පිළිබඳ සොයා බැලේ

elephantඅනුරාධපුර පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට වනඅලි උවදුර බලපා තිබේ. එයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේම පිහිටි කරවිලගල ගම්මානයට අලින්ගෙන් විශාල තර්ජනයක් පවතී.


මෙම ගැටලුවට විසදුම් ලබාදීම උදෙසා, අවශ්‍ය තොරතුරු සොයා බැලීමට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා ඇතුලු පිරිසක් එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත විය. 


එහිදී දැනගන්නට ලැබුණේ අලි ඇතුන් පුරුදු පරිදි ගමන් කරන මාර්ගය අවහිර වන සේ නිවාස තැනීම හා වෙනත් සංවර්ධන කටයුතු සිදුකිරීම මීට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි. දැනට වසර 40ක පමණ සිට මෙම ප්‍රදේශයට වන අලි උවදුර පවතී. අදාළ ප්‍රදේශයේ ජනතාව පදිංචි වී සිටින්නේ ද එබඳු කාලයක සිටයි. අලි ගමන් කරන ප්‍රදේශය හරහා නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර තිබීම ගැටලු ව තවත් උග්‍ර කර තිබේ. කරවිලගලට අලි  තර්ජන එල්ල වීම නිසා එහි පුද්ගලයන් රැසක් මියගොස් ඇත. වසර 5ක් වයසැති කුඩා දරුවෙකු මිය යාම එහි ආසන්නතම සිදුවීමයි. එකම පවුලේ තිදෙනෙකු මියයාම පිළිබඳව ද වාර්තා වේ.


මෙම බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන අලි හුවමාරු මාර්ගය විදුලි වැටකින් වෙන් කිරීම කඩිනමින් සිදුකල යුතු බව වනජීවී නිලධාරීන්ගේ අදහස යි. එලෙස විදුලිවැට ඉදිකල හොත්, අදාළ ප්‍රදේශයේ නිවාස කිහිපයක් ඉවත් කිරීමට සිදුවේ. ගැටලුවේ ඇති බරපතල තත්ත්වය මත මෙම නිවාස කිහිපය ඉවත් කිරීම අනිවාර්යය වී ඇතැයි වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂක ඒ.එච්.සුමනසේන මහතා පැවැසීය. එහෙත් ඊට ප්‍රදේශයේ පිරිස්වල විරෝධය එල්ල වී තිබේ. ජනතාව වෙනුවෙන් ගන්නා මෙම පියවරයන්ට ජනතාවම එරෙහි වීම ගැටලු සහගත බව වනජීවී සහකාර අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


විදුලිවැට ඉදිවුව හොත්, කහල්ල පල්ලෙ කැලේ, රක්ෂිත සීමාවේ සිට කලුගල, බලලුවැව දක්වා අලි ගමන් කිරීම ජනතාවට තර්ජනයක් නොවනු ඇතැයි, යන්න විශ්වාසය යි.


මහ දිසාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ කරුණු සහ ජනතා අදහස් යන සියල්ල සැලකිල්ලට ගෙන පලාගල, කරවිලගල ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුම මැඩීම සඳහා කටයුතු කරන බව මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා පැවැසී ය. ඒ අනුව එලඹෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මෙම තත්ත්වය විශේෂ කොට සලකා සාකච්ඡා කරනු ඇති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.