• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරේ ධීවර වරායන් පහක්

Hon rejinold kure news2017 9 1උතුරු පළාතේ ධීවරයින්ගේ ප‍්‍රශ්න ගැටලු හා ධීවර වරායන් ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා  ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඞ් කුරේ මහතා අතර ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.



එහිදී උතුරු පළාතේ ධීවරයින් මුහුණපා ඇති ප‍්‍රධාන ගැටලු සහ ධීවර වරායන් පහක් නැවත සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී. එහිදී උතුරු පළාත තුළ පිහිටා ඇති තෙලිප්පලෙයි, මාදගල්, පුන්කුඩතිව්, ආනකෝට්ටේ, මන්ඩතිව් යන ධීවර වරායන් පහක් සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී. මේ වනවිට ඊට අදාළ ඉඩම් වල ගැටලු නිරාකරණය කර ඇති අතර එ ්ඒ වරාය ආශ‍්‍රිත ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා සුදුසු මධ්‍යස්ථානයක්ද මසුන් ගබඩා කිරීමට මධ්‍යස්ථානයක්ද ඉදිකිරීමට එහිදී කටයුතු කරන ලදීග තවද උතුරු පළාතේ කෝකිලායි ගම්මානයේ ඉඩම් පිළිබඳ ඇති ආරවුල් විසඳීමට කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද එහිදී තීන්දු කරනු ලැබූ අතර මේ පිළිබඳව මූලික සාකච්ඡුාවක් අදාළ ප‍්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ට හා රේඛීය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉදිරියේදී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.


විශේෂයෙන් උතුරු පළාතේ ධීවරයින්ට නවීන විද්‍යාව හා තාක්ෂණනික දැනුම ලබාදීමටත් ඒ තුලින් තමන්ගේ ජීවිත සවිබල ගැන්වීමටත් බහුදින ධීවර යාත‍්‍රා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමටත් සාකච්ඡුාවට ගත් අතර නීතිවිරෝධී ක‍්‍රම මගින් සිදුවන මත්ස්‍ය විනාශය පිළිබඳ ව නිසි පියවරක් ගැනීමටත් තීරණය කරන ලදී. එවැනි නීතිවිරෝධී ක‍්‍රම මගින් අල්ලාගන්නා මසුන් හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික උපකරණ යොදවා ගැනීමටත් තීන්දු තීරණ ගත් අතර තවද ‘වැවයි - ගමයි’ වැඩසටහන යටතේ මන්නාරම හා මුලතිව් ප‍්‍රදේශවල වැව් ආශ‍්‍රිත ගම්මාන දෙකක් සංවර්ධනය කිරීමටද තීරණය කරන ලදී. ධීවර වරායන් සංවර්ධනය කර යථා තත්ත්වයට පත්වන තෙක් ධීවරයින්ගේ ඉන්ධන අවශ්‍යතා සඳහා බවුසර් මගින් ජංගම සේවාවක් තුලින් පැවැත්වීමට තීරණය කරන ලදී. මේවන විට ක‍්‍රියාත්මක වන කලපු ආශ‍්‍රිත මසුන් බෝ කිරිමේ ව්‍යාපෘතිය පිළිබඳ ව ඇති බාධක සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර ඉහත ගත් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කිරීමේිදී මතුවන ගැටලූ තවදුරටත් සොයා බැලීමට නැවත වතාවක් සාකච්ඡා කිරීම සඳහා සැප්තැම්බර් 07 වැනි දින යාපනය ආණ්ඩුකාරවර කාර්යාලයේ පැවැත්වීමට තීරණය විය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.