• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක වැටුප් ඉහළට

25348610 10155531712289130 3579853752696256948 nරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමේ සාමූහික ගිවිසුමට අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය  වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පසුගියදා සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  තීරණයකට අනුව සේවක වැටුප් වැඩි කිරීමට මහා භාණ්ඩාගාරය අනුමැතිය ලබාදුන් අතර, ඊට සංස්ථාවේ සියලුම වෘත්තීය සමිති වල ප්‍රසාදයට ලක්වී ඇත.

2014 ගිවිසුමට අනුව සේවකයින්ගේ දල වැටුප සියයට 21 ත් සියයට 26 ත් අතර පරාසයකින් ඉහළ දැමු බවත් මෙවර ගිවිසුමට අනුව සියයට 40-50 අතර පරාසයකින් දල වැටුප් වැඩිවන බව අමාත්‍යවරයා පැවැසීය.

එය සේවකයින් ලබපු ජයග්‍රහණයක් වන අතර  2017.07.01 දින සිට මේ දක්වා හිග වැටුප් ද ලැබෙන බවත් මේ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 55 කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41 කින් ද වැඩි වන අතර  එම වැටුප් වැඩි කිරීමේ දී ඖෂධ සංස්ථා සේවකයින් වෙත ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධවල උසස් බව සහ ආරක්ෂිත බව සහතික කිරීම වෙනුවෙන් වෙන දීමනාව ද රුපියල් 12,000 කින් වැඩි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සේවක අවබෝධතා ගිවිසුම අවස්ථාවට සංස්ථාවේ සභාපති නිතීඥ සරත් ලියනගේ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා, සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක මහතා, ශ්‍රී ලංකා ජාතික සේවක සංගමයේ සුනිල් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර යන මහත්වරුන් සහ සංස්ථා සේවකයින් එක්ව සිටියහ.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එය පාලන අධිකාරියට සහ වෘත්තීය සමිති නායකයින්ට ලබාදෙන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.