• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

f849efba8e6b73bb7496fe2d801c6030 Lජාතිය සංවර්ධනය උදෙසා සිවිල් සහ හමුදා අංශයන්හි සම්බන්ධීකරණය සඳහා ආයතනයක් පිහිටුවීම

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් සතුව පවතින දැනුම හා සම්පත් ජාතිය ගොඩනැංවීම උදෙසා පහසුවෙන් උපයෝගී කර ගත හැකි අතර, විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව තමන් සතු දැනුම භාවිතයට ගනිමින් ජාතිය ගොඩනැංවීමේ යන්ත්‍රණය සමබන්ධ වගකීම් දැරීම සඳහා ඔවුහු සූදානමින් සිටිති. එබැවින් ත්‍රිවිධ හමුදාව සතු සම්පත්, ශක්තිය සහ පුහුණුව සමස්ත ජාතික සංවර්ධනය සහ සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය වෙත දායක කර ගැනීම සඳහා සිවිල් නිලධාරින් සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරනු ලබන සිවිල් සහ හමුදා සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016.06.21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම
පළාත් සභාවන්හි කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේදී මුහුණපෑමට සිදුවන ගැටලු පිළිබදව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භයේදී කරුණු සාකච්ඡා කරන ලද අතර එහිදී පළාත් සභා යටතේ පාලනය වන පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම, විදුහල්පති සහ ගුරු පුරප්පාඩු පිරවීම, පළාත් සභා සදහා අවශ්‍ය සම්පත් ලබාගැනීමේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා, කසළ කළමනාකරණය යනාදී කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලදී. එමෙන්ම පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන ලදී. 2016 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා මඟින් හඳුන්වා දෙනු ලැබූ ක්‍රමවේදය අනුව පළාත් සභා සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කෙරෙනුයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය මඟිනි. ඒ වෙනුවට ඒ සඳහා 2015 වර්ෂය අවසානය දක්වා අනුගමනය කරන ලද පැරණි ක්‍රමවේදයම යොදා ගැනීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබිණි. ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් සෘජුවම ඒ ඒ පළාත් සභා වෙත ප්‍රතිපාදන වෙන් කළ හැකි වන පරිදි 2015 අංක 16 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.

cabinet decesion2016.07.05 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

'ඊ මෝටරින් ව්‍යාපෘතිය' - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් ලිපිගොනු කළමනාකරණ පද්ධතියක් සකස් කරගැනීම, එහි වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය හා දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සන්නිවේදන ජාලය වැඩිදියුණු කිරීම යන මූලිකාංග තුනක් (03) යටතේ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම 'ඊ මෝටරින් ව්‍යාපෘතිය' නිමැවුම් කර, ක්‍රියාත්මක කොට භාර දීමේ (Build, Operate and Transfer) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016 .06.28 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තිරණ පහත සඳහන් වේ.

රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත, 'ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වන රාජ්‍ය අංශයේ නායකත්ව වැඩසටහන' (Public Sector Leadership Programme for Senior Officials from Sri Lanka) නමැති පස්දින පුහුණු වැඩසටහනක් සිංගප්පූරු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමනු ලැබ ඇත. එම වැඩසටහන, එක් වරකට පුහුණුලාභීන් 35 දෙනා බැගින් වන සේ කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාවට නැංවීමට යෝජනා වී ඇත. ඒ අනුව, ලබන මාසයේ සිංගප්පූරුවේ සිදු කිරීමට නියමිත ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල සංචාරය අතරතුරදී රජයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් සිංගප්පූරු රජය සමඟ අව‍බෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016.06.14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

ශ්‍රී ලංකාව හා යුක්‍රේන් රාජ්‍යය අතර උදර්පණ ගිවිසුම
අපරාධකරුවන් තම මව්රටට ආපසු භාර දීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින් යුක්‍රේනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙරට තුළ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වී යුක්‍රේනයේ රැකවරණය පැතූ තැනැත්තන් ආපසු භාර දෙන ලෙස එරට බලධාරින්ගෙන් ඉල්ලා සිටීමේ අවස්ථාව මෙමඟින් ශ්‍රී ලංකා රජය වෙත සැලසෙනු ඇත.

2016.06.07 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තිරණ පහත සඳහන් වේ.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක්වන ජනතාව වෙත සහන සැලසීම
උතුරු මැද පළාතේ කෘෂිකාර්මික කටයුතු සඳහා බලපා ඇති ජල හිඟයට විසඳුමක් ලබා දීමත්, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව සඳහා පානීය ජලය සැපයීමත් ඉලක්ක කර ගනිමින් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස 2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වර්තමානයේ දිවයින තුළ ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය වේ. ව්‍යාපෘතියේ ඉදි කිරිම් කටයුතු 65%ක් පමණ දැනට අවසන් වී ඇති අතර, 2016 වර්ෂයේ මහ කන්නයේ වර්ෂාව ආරම්භ වීමට ප්‍රථම ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වන නාවුල හා ලග්ගල-පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 2,512ක් කඩිනමින් ප්‍රදේශයෙන් ඉවත් කළ යුතුව ඇත. මෙයින් පවුල් 984ක් සඳහා දැනටමත් වන්දි ප්‍රතිලාභ ලබා දී ඇති අතර, ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි නියමිත කාලසීමාව තුළදී නිම කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ඉතිරි පවුල් 2,228 ප්‍රදේශ‍ෙයන් ඉවත් කිරීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් අනුව වන්දි පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

2016.05.31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

අලි සංක්‍රමණික මාර්ග හඳුනා ගැනීම හා එම මාර්ගවල ජීවත් වන ජනතාව ඉවත් කිරීම
වන අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වන අලින් 250ක් පමණ මිය යන බවත් මිනිස් ජීවිත 60 - 70ක පමණ සංඛ්‍යාවක් අහිමි වන බවත් වාර්තා වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට අනුගමනය කරනු ලබන වන අලින් පලවා හැරීම හා ඔවුන් අල්ලා වෙනත් ප්‍රදේශවලට ‍මුදා හැරීම වැනි ක්‍රියාමාර්ගවල අසාර්ථක බවත් වන අලින් සිය නිජ භූමිවලින් ඉවත් කළ නොහැකි බවත් පර්යේෂණාත්මකව අනාවරණය වී තිබේ. එසේම පලවාහරින ලද වන අලින්ගෙන් ආපසු සිය නිජ බිම කරා පැමිණීමට නොහැකි වන වන අලි නව වාසස්ථානවලදී පෙරටත් වඩා ප්‍රචණ්ඩකාරී බව නිරීක්ෂණය කර ඇත.

නවතම පුවත්

කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03

03 September 2024

2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27

27 August 2024

2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - 2024.08.22

22 August 2024

2024-08-21 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

කැබිනට් තීරණ දැනුම් දීම-2024.08.12

13 August 2024

2024.08.12 දින පැවැත්වූ  අමාත්‍ය මණ්ඩල රැස්වීවීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.08.05

06 August 2024

2024-08-05 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.29

30 July 2024

2024.07.29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.22

23 July 2024

2024.07.22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.15

16 July 2024

2024.07.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.07.10

10 July 2024

2024.07.09 පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - -01 .07.2024

02 July 2024

2024.07.01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ -24 .06.2024

25 June 2024

2024.06.24 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.19

20 June 2024

2024.06.19 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එළැඹි තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.12

12 June 2024

2024.06.11 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.06.04

04 June 2024

2024.06.03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.05.27

28 May 2024

2024.05.27 දින එළඹුණු අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ - Cabinet Decisions -22 .05.2024

23 May 2024

2024.05.22 දිනැති පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ 

අමාත්‍ය මණ්ඩල තීරණ-2024.05.13

15 May 2024

2024.05.13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.