• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යතුරුපැදි හිස් ආවරණ සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්යය කෙරේ

 
helmetsඑළඹෙන ජනවාරි (01 ) දා සිට ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් කරන බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  මහතා පවසයි.
ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් පැවසුවේ, එම ප්‍රමිතිය සහිත යතුරුපැදි හිස් ආවරණ නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ සහන කාලය මෙම මස  (31) වන දිනෙන් අවසන් වන බවයි.

ඒ අනුව ජනවාරි 01 වනදා සිට පරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළෙඳපොළට නිකුත් කරන්නන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.

මෙරට යතුරුපැදි හිස් ආවරණ නිෂ්පාදන ආයතන 06න් ආයතන  02ක් දැනටමත් ප්‍රමිති සහතිකය ලබා ගෙන තිබේ.

මේ මස අවසන් වන විට සෙසු ආයතන වෙත ද ප්‍රමිති සහතිකය ලබාදීමේ ක්‍රියාවලිය අවසන් කළ හැකි බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.

සෑම වර්ෂයකම යතුරුපැදි අනතුරුවලින් මියයන සහ තුවාල ලබන සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම හේතුවෙන්     එය වැළැක්වීම සඳහා නව ප්‍රමිති හඳුන්වාදීමේ අවශ්‍යතාව මතුව ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.