• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමාජ ඇගයීම අවම කිරීම මත්නිවාරණයේ පහසු මගයි

No drugsමත්ද්‍රව්‍ය කෙරේ සමාජය විසින් ලබා දී ඇති වටිනාකම (social value) අවම කිරීම මත්නිවාරණය සාර්ථකව සිදුකළ හැකි ප්‍රවේශයක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කරයි.  
විශේෂයෙන් පෞර්ෂය වර්ධනයට මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍ය යැයි සලකන සංකල්පය යල්පැන ගොස්  ඇතැයි ද එය සමාජයෙන් මුලිනුපුටා දැමීමේ කාලය එළඹ ඇතැයි ද ඒ මහතා පැවසීය. පසුගියදා පැවති කෑගල්ල දිස්ත්‍රික් මත්නිවාරණ කමිටු රැස්වීමට එක් වූ ඒ මහතා මෙම අදහස් දැක්වීය.

මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ සුසන්ත හේරත් මහතා ඇතුළු  ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් අධිකාරිවරුන්, සෞඛ්‍ය ක්ෂෙත්‍රය නියෝජනය කළ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරී රැසක් සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.