• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුනාමියෙන් ජීවිත අහිමිවූවන්ට පිං පිණිස පිංකම් රැසක් උඩුනුවරදී

Buddhistසුනාමියෙන් ජීවිත අහිමි වූ සියලු ම දෙනාට පිං පිණිස, උඩුනුවර, පිළිගල්ල ශ්‍රී ඉන්ද්‍රානන්දාරා විහාරස්ථානය මඟින් පිංකම් රැසක් සංවිධානය කෙරේ. එහි විහාරාධිපති සමස්ත ලංකා සාමවිනිසුරු පූජ්‍ය හපුතලේ ධම්මවංස නාහිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි ගම්වාසීන්ගේ සහයෝගයෙන් මෙම පිංකම් මාලාව සිදුකෙරෙනු ඇත.
මේ යටතේ 11 වෙනි වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ පුණ්‍ය උත්සවයක්  හා පාසල් දරුවන් සඳහා පොත් ප්‍රදානය කිරීමේ පුණ්‍ය කටයුත්තක් උඩුනුවර අලපලාවල ශ්‍රී ශාසෝදනය පිරිවෙන් පරිවේණාධිපති අලපලාවල මහා විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති, සමස්ත ලංකා සාමවිනිසුරු පූජ්‍ය දොළුවේ විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වන දින පෙ.ව.8.30 සිට 3.00 දක්වා පැවැත්වේ.

එමෙන් ම මව්බිම බේරා ගැනීමට දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් සිහිපත් කරමින් ද ලබන්නා වූ 2017 වර්ෂය ට සුබ පතමින් ද පිළිගල්ල තරුණ කැල හා ගම්වාසීන්ගේ සහයෝගයෙන් සංචාරක සර්ව රාත්‍රික පිරිත් දේශනයක් මේ මස 31 වන දින එම විහාරස්ථානයෙන් ආරම්භ කර ගමපුරා වීදි සංචාරය කෙරේ.

මීට සමඟාමී ව ජනවාරි (01) වන දින උදෑසන ගෞරවණීය මහා සංඝරත්නය විෂයෙහි උදෑසන දානය පිරිනැමීමට ද සියලු කටයුතු සංවිධානය කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.