• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳ ව පුහුණු වැඩමුළුවක් කිරින්ද - පුහුල්වැල්ලේ දී

meeting2016මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ ධූර හිස් කරනු ලැබූ සමථකාරවරුන් වෙනුවෙන් නව සමථකාරවරුන් පත් කිරීම සඳහා 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාර සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳ ව පස් දින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් 26 දින සිට 30 දින දක්වා සෑම දිනක ම පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා කිරින්ද -පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන සමථ පුහුණු නිලධාරීන් සම්පත් දායකත්වය සපයන බව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා පවසයි.

මෙම පුහුණු වැඩමුළුව සඳහා කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමථ මූල මණ්ඩලය වෙනුවෙන් 40 ට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.