• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හැබිටාට් ආයතනයෙන් කෑගල්ලට නිවාස 80ක්

houseපසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ  ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි  පුද්ගලයන්  80කට සියලු ම පහසුකම් වලින් යුත් නිවාස 80ක් සාදා දීමට හැබීටාට් ආයතනය  ඉදිරිපත් වී  ඇත .
මේ සඳහා වු අවබෝධතා ගිවිසුමට  අත්සන් තැබීම පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරීණි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, දැරණියගල  ප්‍රදේශීය ලේකම්  කොට්ඨාස කේන්ද්‍රව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.


ලබන ජනවාරි මාසයේදී නිවාස  ඉදි කිරීම  ආරම්භ කරන අතර, වසරක් තුළ නිවාස සාදා නිම කිරීමට හැබිටාට් ආයතනය බලාපොරොත්තු වේ.

අවබෝධතා ගිවිසුම අත්සනු කිරිම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්  .එම්. අබේවික්‍රම වනසූරිය  මහතා හා වැවිලි මානව  සංවර්ධන භාරයේ  සභාපති හිටපු අමාත්‍ය වී. පුත්‍රසිගාමනි  මහත්වරු අතර සිදු කෙරිණ.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණි ආරියරත්න, සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර, ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත්, හැබිටාට් ආයතනයේ අධ්‍යක්ෂ දිනේෂ් කනගරත්න, හැබිටාට් වැඩසටහනේ කලමණාකරු එඩ්වට් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද ඉලුක්තැන්න හා  සපුමල්  වතු සමුහයේ කළමනාකාරීත්වයද, කෑගල්ල රාජ්‍ය  නොවන  සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වුහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.