• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලට සත්ත්ව පාලන ව්‍යාපෘති 241ක්

animal plantationකෑගල්ල  දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්  ඉලක්ක කර ගෙන සත්ත්ව පාලන ව්‍යාපෘතීන් 241ක් ක්‍රියාත්මක කරමින් පවති.

දිවි නැගුම දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.  මේ සඳහා රුපියල් 16 ලක්ෂයකට වැඩි මුදලක් අනුමතව තිබුණි.  මෙම ව්‍යාපෘතීන් 241 අතුරින් ව්‍යාපෘතීන් 226ක් මේ වන විටත් අවසන් කර ඇත.

මෙම සත්ත්ව පාලන ව්‍යාපෘති අතරින් වැඩිම ප්‍රමාණයක්  ක්‍රියාත්මක කර ඇත්තේ මාවනැල්ල  කොට්ඨාසය තුළය. එය 119 කි. මෙයට අමතරව රඹුක්කන 30ක්, ගල්ගමුව 25ක්, ආදී වශයෙන් අනෙකුත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වල  සත්ත්ව පාලන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.