• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගම්පහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ රැස්වීමක්

meeting2016ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ රැස්වීම අද (19) වෙනි දින පෙරවරු 9.00 සිට පස්වරු 1.30 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

2016 වර්ෂයේ ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධානයන් හි ප්‍රගතිය සමාලෝචනය කිරීම, 2017 වර්ෂයේ ඉදිරි වැඩ සැලැස්ම සාකච්ඡා කිරීම සහ සිවිල් සමාජ සංවිධාන දිස්ත්‍රික් සම්මේලනය පිහිටුවීම පිළිබඳ දැනුවත් කිරීම ආදී කාර්යයන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙදින රැස්වීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශාක්‍ය නානායක්කාර, අධ්‍යක්ෂ රංජිත් විමලසූරිය යන මහත්වරුන් සහභාගි වනු ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මෙරට රාජ්‍ය නොවන සංවිධාන 30ක නියෝජිතයන් ද මෙවර රැස්වීමට සහභාගී වන බව ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක ඩබ්.ඒ.එන්.අයි. විජේසූරිය මහත්මිය පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.