• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයේ විශිෂ්ට ව්‍යවසායකයින් ඇගයේ

econoමාතර දිස්ත්‍රික්කයේ විශිෂ්ට ව්‍යවසායකයින් ඇගයීමේ උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) දින පෙ.ව.10.00 ට මාතර - නූපේ සණස සංගම් ශාලාවේ දී පැවැත්වේ.

 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. 

මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක් ව කටයුතු කරන ව්‍යවසායකයින් ඇගයීම මෙහි දී සිදු කෙරේ.

නිෂ්පාදන අංශය, සේවා අංශය ආදී අංශ කිහිපයක් යටතේ මෙම ඇගයීම සිදු කිරීමට නියමිත ය. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ උපදෙස් මත මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ.පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ මෙම ඇගයීම් උත්සවය සිදු කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.