• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික සංහිඳියාව හා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය මැයෙන් වැඩමුළුවක් මාතර දී

meetingශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකරණයෙන් ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය මැයෙන් එක්දින වැඩමුළුවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙ.ව.8.30 ට මාතර - පීක්වැල්ල, ගඟ අද්දර හෝටලයේ දී පැවැත්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්ධුල සහ ජනාධිපතිතුමාගේ ජනමාධ්‍ය උපදේශක, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමණසේකර යන මහත්වරු සම්පත් දායකයින් වශයෙන් සහභාගි වෙති.

මෙහි සමාරම්භක අවස්ථාවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් හා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිත ය.මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ජනමාධ්‍යවේදීන් සහභාගි වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.