• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනමාධ්‍ය පාඨමාලා හදාරා අවසන් කළ සිසුන්ට සහතිකපත්

Press counsil awordශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ ජනමාධ්‍යයට අදාළ ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලාවන්  හදාරා අවසන් කරන ලද සිසුන් 257 ක් සදහා සහතික පත් ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

 

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා , අපේ රටත් ජනමාධ්‍යයත් මීට වඩා ඉදිරියට යායුතු බවත් ඉදිරියේදී මෙය ජාතික ජනමාධ්‍ය විද්‍යාලය බවට පත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

වෘත්තිකයෙකු යනු රැකියාවක  නියුක්ත වන්නෙක් පමණක් නොව එම වෘත්තියට අයත් ආචාර ධර්ම රකින්නකු විය යුතු බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසුරිය මහතා,  දේශපාලන හා වානිජ හස්තයෙන් ප්‍රවෘත්ති කාමරය බේරා ගැනීම සඳහා ඉදිරියේදී ක්‍රියා කරන බවත් ආණ්ඩුවක් හැටියට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නන්ට හොද මාවතක් හැදීමට සුදානම් බවත් ඹවුන්ගේ වෘත්තීය භාවය නංවන්න කටයුතු කරන බවත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගිවු ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපති ධර්මසේන පතිරාජ මහතා වසරකට ජනමාධ්‍යවේදීන් ලෙස පුහුණුව ලත් තරුණ තරුණියන්  600 ක් පමණ සමාජයට එක්වන බව අනාවරණය කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.