• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව පරිවාස කාර්යාලයක් ගාල්ල උඩුගමට

childගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අධිකරණ කලාපය ආවරණය වන පරිදි නව පරිවාස හා ළමාරක්ෂක සේවා කාර්යාලයක් ආරම්භ කිරීමට දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනූව හෙට (16) දින ප.ව 2.00 ට දකුණු පළාත් සමාජ සුභසාධන පරිවාස හා ළමා රක්ෂක සේවා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමට නියමිතය. 

මේ වන විට දකුණු පළාත තුළ ගාල්ල, බලපිටිය, මාතර තංගල්ල, වලස්මුල්ල හා හම්බන්තොට අධිකරණ කලාප ආවරණය පරිදි පරිවාස කාර්යල හයක් මේ වන විට ක්‍රියාත්මක වේ.

මෙම උඩුගම කලාපය පිහිටු වීමේ  අරමුණ වනුයේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, හිනිදුම, උඩුගම, ආදී දුර පළාත්වල සේවාලාභීන් සඳහා සේවා පහසුකම් කඩිනමින් ලබා දීමයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.