• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කළුතර පාරම්පරික වී වගාව ව්‍යාප්ත කෙරේ

riceමෙවර මහ කන්නය තුළ පාරම්පරික වී වර්ග වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් කළුතර දිස්ත‍්‍රික්කය තුළ ආරම්භ කර තිබේ.

සුවදැල්, පටපොලොල්, හීනටි, කුරලුතුඩ, පච්චපෙරුමාල් වැනි වී වර්ගවල බිත්තර වී කිලෝග‍්‍රෑම් 11000ක් දිස්ත‍්‍රික්කයේ ගොවීන් අතරේ බෙදාහැර ඇත. දිස්ත‍්‍රික්කයේ කුඹුරු අක්කර 400ක පාරම්පරික වී වගාව දැනටමත් ආරම්භකර ඇති අතර, කාබනික පොහොර පමණක් මේ සඳහා භාවිත කෙරේ. 

රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති වස විසෙන් තොර ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා රු. 1350000ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කළුතර දිස්ත‍්‍රික්කය වෙත ලබා දී ඇත. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය කළුතර දිස්ත‍්‍රික් ගොවිජන සේවා කාර්යාලය ක‍්‍රියාත්මක කරයි. ඉදිරි යල කන්නය තුළ පාරම්පරික වී වර්ග වගාව පුළුල් ව  ව්‍යාප්ත කිරීම සඳහා කළුතර දිස්ත‍්‍රික් ගොවිජන සේවා කාර්යාලය සැලසුම් කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.