• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

jobමිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙ.ව.9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

ශ්‍රම වෙළඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඒ වෙත යොමු කර ජාතික සංවර්ධනයට දායක කිරීමේ අරමුණින් රැකියා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් අතර සම්බන්ධීකරණය සිදු කිරීම මගින් රැකියා අවස්ථාවන් සඳහා යොමුවීමට ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙම රැකියා සේවා මධ්‍යස්ථානය හරහා සිදුකෙරේ.

ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් මේ අවස්ථාවට සහභාගී වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.