• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පිඳුරු ගිනි තැබීම ලබන වසරේ සිට අනිවාර්යෙන් නතර කළ යුතුයි

burning hayපිඳුරු ගිනි තැබීම ලබන වසරේ සිට අනිවාර්යෙන් ම නතර කළ යුතු බවත්, ඒ සඳහා පිඳුරු කුඹුරේ ම යටකිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා පිඳුරු කුඹුරේ ම යට කළ යුතු ක්‍රමවේදයක් සකස් කිරීමට ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ව කටයුතු කළ යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා පැවසීය.

 ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා පැවති රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන එක්ව වෙහෙරගලදී පැවැති රැස්වීමකට එක් වෙමිනි. 

එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසුවේ, පසුගිය දිනක අම්බලන්තොට ප්‍රදේශයේදී එලෙස පිඳුරුවලට ගිනි තැබූ අයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කර ඇති බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.