• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යොවුන් පාර්ලිමේන්තුවට කෑගල්ලෙන් සභිකයන් 10ක් (4)

youth parlimentමෙම මස (18) දින පැවැත්වෙන යොවුන් පාර්ලිමේන්තුවේ සභිකයින් 10ක් කෑගල්ලෙන් තෝරා ගැනීමට නියමිත අතර, ඒ සඳහා මේ වන විට තරුණ තරුණියන්  39 දෙනෙකු නාම යෝජනා බාර දී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් තරුණ සේවා කාර්යාලය සඳහන් කරයි.

2017 – 2018 වර්ෂ සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9න් සභිකයන් 9 දෙනෙකු ද එක් ප්‍රසාද මන්ත්‍රී ධූරයක් ද සමඟ දිස්ත්‍රික්කයට සභිකයන් 10කු තේරිපත් කෙරේ.

දෙසැම්බර් මස 18 දින පෙ.ව 7 සිට ප.ව 4 දක්වා කෑගල්ලේ මධ්‍යස්ථාන 31 කදී යොවුන් පාර්ලිමේන්තුවට අදාළ ව කෑගල්ල දිස්ත්‍රික් මැතිවරණය පැවැත්වෙන අතර, එදින සවස 4න් පසුව එම මධ්‍යස්ථානයන්හීදී ම ඡන්දය ගණන් කිරීමට නියමිතය.යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාම යෝජනා භාර දීම දෙසැම්බර් මස 2 දා යින් අවසන් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.