• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“උපන් බිමේ උරුමය ඌව වෙල්ලස්ස ජනතාවට” වැඩ සටහන යටතේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය

Idam Balapathraරිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම්  කොට්ඨාසයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය, ඌව පළත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

මෙහිදී රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම්  කොට්ඨාසයේ ඉඩම් නොමැති 250 දෙනෙකු වෙත ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනාරත්න සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් ඉඩම් කොමසාරිස් චතුර සමරසේකර, සහකාර ඉඩම් කොමසාරිස් රෝහණ ධර්මසේකර මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.