• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

භූ කම්පන පිළිබඳ ව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය අංශයන් හි ක්ෂේත්‍රගත නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

envernment problemජාතික සුරක්ෂිතතා දිනය දෙසැම්බර් මස 26 වැනි දිනට යෙදී ඇත.

මෙයට සමඟාමී ව භූ කම්පන පිළිබඳ ව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය අංශයන් හි ක්ෂේත්‍රගත නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මේ මස (09) වැනි දින පෙ.ව 9.00 ට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

පසුගිය මාසයේ ගාල්ල වෙරළබඩ ප්‍රදේශයේ ඇතිවූ සුළු භු කම්පන තත්ත්වය හේතුවෙන් ඒ පිළිබඳ ව ප්‍රජාව තුළ පවත්නා දුර්මත ඉවත් කිරීම, එවැනි තත්ත්වයන් හමුවේ ගත යුතු ක්‍රියා මාර්ග කවරේද සහ එහි විද්‍යත්මක තත්ත්වය කවරක් ද යන්න පිළිබඳ ව ප්‍රජාව දැනුවත් කිරීම මෙහි මූලික ම අරමුණ යි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබයි. මේ අවස්ථා ව සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, තාක්ෂණික නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශී සභා තාක්ෂණික නිලධාරීන්, සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වේ. වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස භු විද්‍යා පතල් කාර්යාංශයේ නිලධාරීන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්  සහභගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.