• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බස් වර්ජනයේදී දේපළ හා මහජනතාවට හානි කළ පිරිස් අත්අඩංගුවට

bus strikeපෞද්ගලික බස් වර්ජනය පැවති ඉකුත් සිකුරාදා (02) දින රාජ්‍ය දේපළවලට හා මහජනතාවට හානි සිදු කරමින් නීතිය හා සාමය කඩකළ කඩාකප්පල්කාරී පිරිස් නීතිය හමුවට ගෙන ඒම කඩිනමින් සිදුකරන බව පොලීසිය පවසයි.

 එමෙන්ම මෙම නීතිවිරෝධී ක්‍රියාවන් පිටුපස ආණ්ඩු විරෝධී බලවේගයක් ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කර සිටී.

මේ වන විට ප්‍රදේශ 11 කින් පුද්ගලයින් 31 දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නීතිය හමුවට පමුණුවා ඇත. මීගමුව, මරදාන, තංගල්ල, හම්බන්තොට, බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, එරාවුර්, වව්නියා, කොත්මලේ, කඩුගන්නාව,  සහ වත්තේගම යන පොලිස් බල ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. රටේ නීතිය හා සාමය කඩකිරීම, රාජ්‍ය දේපළ වලට හානි කිරීම, පුද්ගලයින්ට පහර දීම යනාදී චෝදනා මත මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සාපරාධී ක්‍රියාවන්හි නිරත වූ සෙසු පිරිස්ද නීතිය හමුවට ගෙන ඒම සඳහා කඩිනම් විමර්ශන කටයුතු හා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් කියා සිටී.

මීට අමතරව, අනුරාධපුරයේදී හමුදා සෙබළකු අසාධ්‍ය තත්වයට පත්කරමින් සිදුකළ පහරදීම්වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.‍ ‍ලාන්ස් කෝප්‍රල් ජී.ආර්.එස්.සී.සුමනරත්න නම් වන මෙම සෙබළා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. බසයට එල්ල කළ ගල් ප්‍රහාරයක් නිසා හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මේ වන විටත් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවන හෙතමෙ අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකුට පමණ තුවාල සිදු වූ අතර ලංගම බස්රථ 128 කට හානි සිදුවී තිබේ. එම අලාභහානි මේ වනවිටත් තක්සේරු කරමින් පවතී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.