• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික සුරක්ෂිතතා ව පිළිබඳ ව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

tsunamiමෙම වසරේ ජාතික සුරක්ෂිතතා දිනයට සමඟාමී ව ස්වභාවික ආපදාවන් සහ ස්වභාව ධර්මයට ඔරොත්තු නොදෙන මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇති වන ආපදා තත්ත්ව වලදී මහජනතාවගේ හැසිරීම හා සුදානම මෙන්ම  දක්වන ප්‍රතිචාර සඵලදායී ලෙස මනා සම්බන්ධීකරණයක් තුළින් ආපදාවන් අවම කර ගැනීමේ අරමුණින් ආපදා කළමනාකරණය පිළිබඳ ව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ආපදා අවස්ථාවක දී පැතිකඩ ගණනාවක් ඔස්සේ බලපෑම් සිදුවන බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමුකර මෙම දැනුම්වත් කිරීම සිදු කරන ලදි. ආපදා අවස්ථාවක දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, වගකීම හා සේවාවන් පිළිබඳ ව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ පී.එච්.චමින්ද ද සිල්වා මහතා මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.

ආපදා අවස්ථාවක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනෙයේ, දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, වගකීම හා සේවාවන් පිළිබඳ ව භූවිද්‍යාඥ කේ.ටී.එන්.සරෝජා මහත්මිය දැනුම්වත් කිරීම සිදුකළා ය. මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් යූ.ඒ.ඒ.පී. උබේසිරිවර්ධන මහතා ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ ව දැනුම්වත් කරන ලදි.

ආපදා අවස්ථාවක දී ආපදා සහන සේවා අමාත්‍යංශයේ කාර්යභාරය, වගකීම හා සේවාවන් පිළිබඳ ව ආපදා සහන සේවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ඒ.පී.විදානගේ මහතා කරුණු දැක්වී ය. ආපදා තත්ත්වයක දී ඇති විය හැකි රෝග හා ඒවායින් වැළකීම පිළිබඳ ව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (ආපදා කළමනාකරණ) වෛද්‍ය එච්.එල්.එස්.චතුරිකා මහත්මිය දැන්ම්වත් කළා ය.මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.