• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ස්වයං රැකියා ලාභීන්ට උපකරණ කට්ටල බෙදා දෙයි

goodsසබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික් ස්වයං රැකියා ලාභින්ට උපකරණ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මේ යටතේ මෙහි ප්‍රථම කණ්ඩායමට ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදා දීම රුවන්වැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පසුගිය දා පැවැත්විණි.

රුවන්වැල්ල කොට්ඨාසයේ ප්‍රතිලාභින් 60කට පමණ මෙහි දී උපකරණ කට්ටල ලබා දීම සිදු කෙරුණ අතර, මේ යටතේ සෙවණ දැල්, අලෙවි කුඩ, මේස, මල් පෝච්චි, උදලු, මුල්ලු ආදිය මේ යටතේ ලබා දී ඇත.

එමෙන් ම පොලිතීන්, ස්ප්‍රේ යන්ත්‍ර ආදිය ද මේ යටතේ ප්‍රතිලාභීන්ට හිමි වූ අනෙකුත් ද්‍රව්‍ය අතර වේ.සබරගමුව පළාත් කෘෂිකර්ම, පශු වෛද්‍ය හා සත්ව පාලන අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.