• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

IOM ආයතනයෙන් කෑගල්ලට බවුසර් ට්‍රැක්ටරයක්

Distric kegalle 2016.12.01සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ හදිසි ආපදා අවස්ථාවල දී ප්‍රයෝජනයට ගැනීම සඳහා වතුර බවුසර් ට්‍රැක්ටරයක් ප්‍රදානය කිරීමට පසුගිය දා සිදු කරන ලදී.

ඒ අනුව සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ජෙසපි මහතා විසින් වතුර බවුසරයක් නිල වශයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. අබේවික්‍රම වනසූරිය මහතා වෙත ප්‍රදානය කරන ලදී.

මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.