• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කළ පුද්ගයන්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

govrnment informationබියගම මාවරමණ්ඩිය  බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබූ අවස්ථාවේදී එම ස්ථානයට කඩා වැදී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරයි.

 පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ‘පුරනැඟුම‘ ව්‍යාපෘතියෙන් වෙන්කළ මූල‍්‍ය ප්‍රතිපාදන යටතේ අදාළ ගොඩනැගිල්ල ඉදිකෙරිණ. එම බහුකාර්ය ගොඩනැගිල්ල පසුගිය සඳුදා (28) විවෘත කිරීමට නියමිතව තිබුණේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙනි. ඊට පෙර එම ස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදුණු පිරිසක් අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීමට උත්සාහ දරා ඇත්තේ කිසිදු වගවිභාගයකින් තොරවය. බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිකිරීමට නායකත්වය දී ඇත.

ප්‍රාදේශීය සභාව විසුරුවා හැර ඇති අවස්ථාවකදී ඔවුන් එම පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී රජයේ පොදු දේපළ විෂයෙහි අනර්ථයක් ද සිදුකර ඇත. එමෙන්ම, අදාළ පුද්ගලයන් එලෙස හැසිරෙමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරතවීම අයුතු ජනරාශියක් ද වේ. බියගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සංවිධානය කර තිබූ අතර එම ස්ථානයට පැමිණ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය කළ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකර ඇත්තේ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කිරීමකි. ඒ අනුව පොදු දේපළ විෂයෙහි අනර්ථයක් සිදුකිරීම, අයුතු ජනරාශිය හා රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන කරුණු සම්බන්ධයෙන් පොලීසිය , අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාතක්මක කරනු ඇත.

රජයේ පොදු දේපළක් ජනතාවට පවරාදීමේ අවස්ථාවකදී අනුගමනය කළයුතු නිල ක්‍රියාදාමය කඩාකප්පල් කිරීම, ජාතික මට්ටමේ සමහර දේශපාලනඥයන්ගේ පූර්ණ ආශිර්වාදය හා උසිගැන්වීම මත සිදුවන බව මේ වනවිට හෙළිදරවු වී ඇත. වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඳවැටී ඇතැයි පුනරුච්චාරණය කරමින් සිටින ඔවුහු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් උපායශීලීව නිර්මාණය කරමින් සිටිති.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින එම දේශපාලන නායකයෝ රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඇතැයි කියමින් රටේ නීතිවිරෝධී කැළඹීම් ඇතිකිරීමට උත්සාහ දරති. එමෙන්ම, බරපතළ මාධ්‍ය මර්දනයක් ඇතැයි ප්‍රකාශ කරන එම නායකයින් ජනතාව උසිගන්වා විවිධ ගැටුම් හා නොසන්සුන්තාවන් නිර්මාණය කර ඊට මාධ්‍ය මඟින් ප්‍රචාරණයක් ලබාගැනීමට දරන පහත් මට්ටමේ ප්‍රයත්න මඟින් ඔවුන්ගේ තෙවන පන්තියේ දේශපාලන භාවිතාව තවදුරටත් පිළිබිඹු කෙරේ.

පසුගිය පාලන සමයේ පැවති අශිලාචාර බව වෙනුවට රටේ ශීලාචාර බව ගොඩනැඟීම සඳහා වත්මන් ආණ්ඩුව දරන ප්‍රයත්නයට ඇතැම් පිරිස් මෙලෙස බාධා පැමිණවීම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවගේ බලාපොරොත්තු බිඳ දැමීමකි.  එබැවින් තම පහත් දේශපාලන භාවිතාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා බියගම මාවරමණ්ඩියේ දී මෙන්ම වෙනත් ඕනෑම අවස්ථාවකදී නොසන්සුන්කාරී සහ කැළඹිලි සහගත තත්ත්වයන් රට තුළ නිර්මාණය කිරීමට ක්‍රියාකරන පිරිස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත රජය නියෝග කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.