• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳ ව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

meeting2016සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳ ව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස (01) වැනිදා පෙ.ව. 9.30 ට මාතර - නූපේ සණස ශාලාවේ දී පැවැත්වේ.

මෙහි දී සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිළිබඳ ව, එය ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටලු ව පිළිබඳ ව, සාමාජිකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේද පිළිබඳ ව සහ දිරි දීමනා පිළිබඳ ව දැනුම්වත් කිරීම සිදු කෙරේ.

මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් සමාජ සේවා නිලධාරීන්, සමාජ සංවර්ධන සහකාර නිලධාරීන්, විෂය ලිපිකරුවන් හා ග්‍රාම නිලධාරීන් සහභාගි වීමට නියමිත ය.සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලය වැඩසටහන සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.