• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් කයිසෙන් ව්‍යවසායකත් ව ප්‍රවර්ධන වැඩසටහනක්

National productivityජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කයිසෙන් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පෞද්ගලික ආයතන 15ක් වෙනුවෙන් අඛණ්ඩ වර්ධනය සඳහා උපදේශකත්වය සැපයීමට පියවර ගෙන ඇත.

 නිමි ඇඳුම් නිෂ්පාදන ආයතන, ආහාර නිෂ්පාද ආයතන, රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයතන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාද ආයතන, තේ කර්මාන්ත ශාලා ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලට අදාළ ආයතන මේ අතර වේ.මෙහි විශේෂත්වය වන්නේ අදාළ ආයතනවල ගැටලු වලට බාහිරින් විසඳුම් ලබාදීම වෙනුවට එහි සේවය කරන අයගෙන් ම ගැටලු හා ඊට අදාළ විසඳුම් යෝජනා ලබා ගැනීමයි.

2016/2017 වසර දෙක ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා ඍජු හා වක්‍ර ප්‍රතිලාභ රාශියක් හිමි වේ. මානව සම්පත් සංවර්ධනය, වෙළඳපොළ ප්‍රවර්ධනය, ප්‍රමිති අවශ්‍යතා සපුරාලීම, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ගුණාත්මය වැඩිදියුණු කිරීම, ඍජු හා වක්‍ර රැකියා බිහිවීම, සේවක ආකල්ප ප්‍රවර්ධනය, සේවක හා සේවක ගැටලු වලට විසඳුම් ලබාදීම ඒ අතර වේ.

වැඩසටහන ක්‍රියාත්මක වසර දෙක පුරාවට ම සති දෙකකට වරක් අදාළ ආයතන නිරීක්ෂණය සිදුකෙරේ.මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ නිරීක්ෂණය යටතේ නිශාන්ත පෙරේරා, කේ. නාගසිංහ හා සුරංග අමරජීව යන ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් මාතර දිස්ත්‍රික්කයේ කයිසෙන් ව්‍යවසායකත් ව ප්‍රවර්ධන වැඩසටහන සඳහා දායකත්වය සපයන බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා අංශය සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.