• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වර්ෂ 2016 සඳහා කෑගල්ල ට විමධ්‍යගත සංවර්ධන ව්‍යාපෘතීන් 1036ක්

development projectමෙම වසරේ විමධ්‍යගත අරමුදල් යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘතීන් 1036ක් ක්‍රියාත්මක කරමින්  පවතින බව  කෑගල්ල  දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා අනෝමා විජේරත්න මහත්මිය පැවසුවාය. 

ඇය මෙම අදහස් දැක්වුයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.මෙම ව්‍යාපෘති  අතුරින් 576ක වැඩ අවසන් කර ඇති අතර, ව්‍යාපෘතීන් 450ක්   ඉදිකිරීම් අවසන් මට්ටමේ පවතී.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විමධ්‍යගත අරමුදල් යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ රඹුක්කන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘතීන්  211ක් ද වරකාපොල ව්‍යාපෘති 114ක්ද දරණියගල ව්‍යාපෘති 102ක්ද ගලිගමුව ව්‍යාපෘති 100ක්ද  වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි ඉහත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.