• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වංචා, දූෂණ සහ අක්‍රමිකතාවන් සම්බන්ධ සිද්ධීන් වාර්තාකරණය පිළිබඳ මාධ්‍ය වැඩමුළුවක් 29වනදා

conferenceවංචා, දූෂණ සහ අක්‍රමිකතාවන් සම්බන්ධ සිද්ධීන් වාර්තාකරණය පිළිබඳ මාධ්‍ය වැඩමුළුවක් 2016 නොවැම්බර් 29 වන දින පෙ.ව.9.00 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උක්ත සිද්ධීන් සම්බන්ධ ව  වාර්තාකරණයේදී “ප්‍රශස්ත මාධ්‍ය භාවිතය කෙසේ විය යුතුද යන්න සහ ඒ හා සබැඳි නෛතික පසුබිම”පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත්කිරීම මෙහි අරමුණයි.

නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබේ. ගරු නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවට ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාද  සහභාගිවීමට නියමිතය.

වංචා, දූෂණ සහ අක්‍රමිකතාවන් පිටුදැකීම කෙරෙහි සමාජය තුළ ස්වයං අභිප්‍රේරණයක් ඇති වන පරිදි මාධ්‍ය භාවිතා කිරීම, එහිදී මාධ්‍යවේදීන් මුහුණ දෙන නීතිමය පසුබිම සම්බන්ධව විමර්ශනයට බඳුන් කිරීමටමෙහිදී අපේක්ෂා කෙරේ.

ඒ අනුව “අල්ලස් සහ දූෂණ සම්බන්ධ නීතිය හා නිවාරණය”, “අල්ලස් සහ දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය” සහ “අල්ලස් හා දූෂණය සම්බන්ධ ප්‍රශස්ත මාධ්‍ය වාර්තාකරණය”යන මාතෘකා පිළිබඳ ව මෙහිදී ගැඹුරින් සාකච්ඡා කරනු ලැබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනාවිමර්ෂන කොමිසම වෙනුවෙන් එහි කොමසාරිස් නෙවිල් ගුරුගේ,අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නයන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය ලබා දෙන අතර හිටපු විගණකාධිපති එච්.සී. මායාදුන්නේ හා ජ්‍යෙෂ්ඨ නීතීඥ එච්.ජී. පුංචිහේවා යන මහත්වරුදමෙහිදී  දේශන පැවැත්වීමට නියමිතව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.