• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගරු අගමැතිතුමාගේ ශෝක පණිවුඩය

Ranil wikramasingheවිසිවන සියවසෙහි ලොව කැපී පෙනුණු චරිත අතරින් පිදෙල් කැස්ත්‍රෝ වෙත හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. එතුමා නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරයේ පුරෝගාමී පුරුෂෝත්තමයෙකි.

 
දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ අප සහ එතුමා අනුගමනය කළේ වෙනස් ප්‍රතිපත්තීන් වුව ද  එතුමන්ගේ සමාජ ප්‍රතිපත්තීන් සැම විටම අපගේ අගැයීමට ලක් විය. විශේෂයෙන් ම නිවාස අධ්‍යාපන හා සෞඛ්‍ය  ආදී ක්ෂේත්‍රයන් හරහා එතුමන් සිදු කළ ප්‍රතිසංස්කරණ හා විප්ලවීය සැලසුම් ඔස්සේ අපට අධ්‍යයනය කිරීමට බොහෝ කරුණු තිබිණි.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහ කැස්ත්‍රෝ තුමන් අතර පැවතියේ ඉතා සමීප පෞද්ගලික මිත්‍රත්වයකි. සෑම මාසයකම ඉස්තරම්ම ලංකා තේ එකතුවක් ජයවර්ධන මැතිතුමා විසින් කැස්ත්‍රෝ තුමන් වෙත යැවුණු අතර අගනා හවානා සුරුට්ටු පෙට්ටියක් එතුමා වෙතින් ජයවර්ධන මැතිතුමා වෙත මාසිකව පිරිනැමිණි.

ජීවිතය පුරා තම ප්‍රතිපත්ති වෙනුවෙන් අභීතව පෙනී සිටි කැස්ත්‍රෝ තුමන් ඇන්ගෝලාව නිදහස් කර ගැනීමේ දී  හා දකුණු අප්‍රිකා නිදහස් අරගලයේ දී  ලබා දුන් දායකත්වය කෘතවේදීව සිහිපත් කිරීමට ද 1959 වසරේ සිට ශ්‍රී ලංකාව සමග තානාපති සබඳතා පවත්වමින් අප වෙත ජාත්‍යන්තර තලයේ ලබා දුන් සහයෝගය අගය කිරීමට ද මෙය අවස්ථාව කර ගනිමි.

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.