• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ වැඩිම ඩෙංගු රෝගීන් මාවනැල්ලෙන්

denguමේ වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කොට්ඨාසයෙන් වාර්තා වී ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා සඳහන් කරයි. කෑගල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටුවට සහභාගී වෙමින් ඒ මහතා මෙම කරුණූ හෙළි කළේය.
 
මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1331ක් වාර්තා වී ඇති අතර ඉන් 346ක ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එමෙන් ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වන අරණායක ඩෙංගු රෝගීන් 153ක්, කෑගල්ල කොට්ඨාසයෙන් රෝගීන් 153ක්, දෙහිඕවිටින් රෝගීන් 146ක් , රුවන්වැල්ල කොට්ඨාසයෙන් 119ක්, ගලිගමුවෙන් 39ක්, වරකාපොළින් රෝගීන් 92ක් , රඹුක්කන කොට්ඨාසයෙන් රෝගීන් 110ක්, යටියන්තොටින් රෝගීන් 100ක් හා බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 71ක් මේ වසරේ වාර්තා වී ඇත.

මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට නගරයේ  ගොඩගසා ඇති අබලි ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ඒ ආශ්‍රිතව  මදුරු කීටයන් හමුව ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන් ම එම ස්ථානය මැවනැල්ල රෝහලට ආසන්න වීම හා මාඔය ආසන්නයේ පිහිටා තිබීම ද ඩෙංගු රෝග තතත්වය උත්සන්න වීමට බලපා ඇත. මේ ස්ථානය සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළද එය නොසලකා හැර ඇතැයි කී වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පැවසීය.

නිවාස වල වැහි පිලීවල වතුර රැඳී තිබීම ඩෙංගු ව්‍යාප්ත  වීම කෙරේ දැඩිව බලපාන අතර විශේෂයෙන් තට්ටු නිවාස වල වැහිපීලි සුද්ද නොකිරීමෙන් ඩෙංගු රෝගය වර්ධනය වීමට පාරිසරික තත්ත්වයන් නිර්මාණය වී ඇතැයි විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ප්‍රභාත් උදාකර හා රුක්මණී ආරියරත්න, කෑගල්ල දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.