මහනුවර දිස්ත්‍රික් විදාතා සංසදය සංවිධානය කරන වෙළද ප්‍රදර්ශනය සහ අලෙවිසැල හෙට (26) පෙ.ව. 9.30 සිට ප.ව.7.00 දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වේ. ගමට තාක්ෂණය යන තේමාව යටතේ පවත්වන මෙම ප්‍රදර්ශනය විදාතා හරිත කඩමංඩිය නමින් නම් කොට තිබේ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්රේමජයනත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා මහනුවර සහ ඒ අවට සියලු ම දෙනාට විවෘත ආරාධනාවක් කෙරේ.