• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආබාධ සහිත පුද්ගලයින්ගේ ස්වශක්ති සංවිධාන වල දකුණු පළාත් සාමාජිකයින් මාතර දී රැස්වේ

desableආබාධ සහිත පුද්ගලයින්ගේ ස්වශක්ති සංවිධානවල සාමාජිකයින් බලගැන්වීමේ දකුණු පළාත් වැඩමුළුව පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ආබාධ සහිත පුද්ගලයින්ගේ සමාජ තත්ත්වය තවදුරටත් සංවර්ධනය කිරීම, ඔවුන්ගේ සුභසාධන කටයුතු, ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා අත්වැලක් සැපයීම, ඔවුන්ගේ ගැටලු සහ යෝජනා පිළිබඳ ව අවධානය යොමු කිරීම මෙහි දී සිදු කෙරිණි.

දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් බලමණ්ඩල වල නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මහනුවර ෆ්‍රිඩ්ස්රෝ ආයතනයේ සම්පත් දායකත්වයෙන් හා මූල්‍යමය අනුග්‍රහයෙන් මෙම වැඩමුළුව සංවිධානය කරන ලද අතර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශය මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකළ බව දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී එස්.ඩබ්.ඒ. අමරසේන මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.