• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිවි නැගුම කැකුළු ළමා සමාජ තරගවලියේ අනු ශූරතාවය කෑගල්ලට

devinagumaදැයේ දරුවන්ගේ සාහිත්‍ය හා කලා කුසලතා හැකියාවන් ඔප් නැංවීමේ අරමුණ ඇති ව දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ දිවිනැගුම කැකුළු ළමා සමාජ තරගාවලියේ අනු ශූරතාවය කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි ව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ එච්.එම්.සී සුසන්ත හේරත් මහතා පවසයි. 

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස පැවති මෙම තරගාවලියේ දී, සරල ගී තෙවන ස්ථානය- සිංහල(අවු.11 -14) , ජන ගායනා දෙවන ස්ථානය- සිංහල (අවු.11 -14), ශ්‍රාස්ත්‍රීය ගායනය ප්‍රථම ස්ථානය- (සිංහල මාධ්‍ය ,ඒකළ - අවු.07-10), ශ්‍රාස්ත්‍රීය ගායනය ප්‍රථම ස්ථානය - (සිංහල මාධ්‍යය, ඒකළ - අවු 11-14) ශ්‍රාස්ත්‍රීය වාදනය ප්‍රථම ස්ථානය- (සිංහල මාධ්‍ය , ඒකළ-අවු.15-18),විත්‍ර කුසලතා මට්ටම - (සිංහල මාධ්‍ය,අවු.07-10), ළමා කතන්දර තෙවන ස්ථානය- (සිංහල මාධ්‍ය , අවු.07-10), ජන නැටුම් ප්‍රථම ස්ථානය -( සිංහල මාධ්‍යඅවු.11-14 - සමූහ-මිශ්‍ර) , කථික තරග තෙවන ස්ථානය - (සිංහල මාධ්‍යය ,අවු. 15-18), ජන නැටුම් ප්‍රථම ස්ථානය ( සිංහල මාධ්‍ය,සමූහ-මිශ්‍ර අවු 15-18), කෙටි නාට්‍ය තරගය දෙවන ස්ථානය  (විවෘත) , ළමා කතන්දර තෙවන ස්ථානය (දමිළ මාධ්‍ය - අවු. 11-14), සරල ගී කුසලතා මට්ටම ( දමිළ මාධ්‍ය, අවු. 11-14),  ළමා කතන්දර ප්‍රථම ස්ථානය ( දමිළ මාධ්‍ය , අවු.15-18), චිත්‍ර තරගය ප්‍රථම ස්ථානය ( දමිළ මාධ්‍ය, අවු- 07 -10), ජන නැටුම් (සමූහ/මිශ්‍ර) තෙවන ස්ථානය (දමිළ මාධ්‍ය, 11-14), ජන ගී කුසලතා මට්ටම ( දමිළ මාධ්‍ය, අවු.15-18)යන අංශයන්ගේ ජයග්‍රහණය තුළින් දිස්ත්‍රික් අනුශූරතාවය හිමි කර ගැනීමට හැකි ව තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.