• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වසර 2600 - 3000 අතර කාලයේ ඉපැරණි සොහොන් භූමියක් පොලොන්නරුවෙන්

Polonnaruwa 2016 3අදින් වසර 2600 - 3000ත් අතර කාල වකවානුවට අයත් පුර්ව ඓතිහාසික යකඩ යුගයේ යැයි කිව හැකි ඉපැරණි සොහොන් භූමියක් පොලොන්නරුවෙන් හමුවේ.

පොලොන්නරුව ඇලහැර, සිරිකදු යාය කටුව නමැති ප්‍රදේශයෙන් මෙම ඉපැරණි සොහොන් භුමිය හමුව ඇත.    මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පොලොන්නරුව ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ ගවේෂණ ව්‍යපෘතියක් මගින් මෙම ස්ථානය හඳුනා ගත් බවත් මෙය (ශිෂ්ට) මෙගලිතික වර්ගයට අයත් ඉපැරණි සොහොනක් ලෙස මුලික සාධක මගින් හඳුනා ගැනීමට හැකි වූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.  

මේ අනුව ඉදිරියේදී මෙහි කැනීම් කටයුතු සිදු කර එහි අභ්‍යන්තර තොරතුරු පුරා විද්‍යාත්මක ව තහවුරු කර ගෙන සංරක්ෂණය කිරීමට පියවර ගන්න බවත් මෙමගින් පොලොන්නරුව ඉතිහාසය පිළිබඳ ව තවත් ගැඹුරු අදහසක් මතු කර ගැනීමට හැකි වනු ඇති බවද මහාචාර්යවරයා අප හමුවේ පැවසීය.

පොලොන්නරුවෙන් පුරා විද්‍යාත්මකව හමු වූ ප්‍රථම ඉපැරණි සොහොන ලෙස වාර්තා කිරීමටද පියවර ගන්නා බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Polonnaruwa 2016 2

 

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.