• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වෘත්තීය සමිති ඉල්ලීම් ඉටුකිරීමේදී පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන බව ජනපති පවසයි

President 2016 1මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (21) පෙරවරුවේ මහවැලි අධිකාරියේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සේවක උසස්වීම් සම්බන්ධ ගැටලූ, වැටුප් පිළිබඳ ගැටලු සහ තවත් සේවක ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ.රටේ සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් දක්වන පිරිසක් ලෙස එම නියෝජිතයින් තම වෘත්තීය ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීම සම්බන්ධයෙන් තම සතුට පළ කළ ජනාධිපතිතුමා ඉදිරියේදී අමාත්‍යාංශය තුළ අනු කමිටු හයක් පත්කර එම ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව කියා සිටියේය.

ඒවා අධික්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ තමා යටතේ පවතින අමාත්‍යාංශයක් වන ජාතික ඒකබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්ගෙන් සමන්විත ප‍්‍රධාන කමිටුවක් පත් කරන බව ද කියා සිටියේය.ගුණාත්මක සේවයක් ලබා ගැනීමට නම් සේවක තෘප්තිය සහ සතුටෙන් රාජකාරී කිරීමට අවශ්‍ය වටපිටාව සැකසිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පක්ෂ භේදයකින් තොරව ඉටුකළ හැකි සෑම ඉල්ලීමක්ම ඉටු කර දීමට, ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කරන බව ද කියා සිටියේය.

අමාත්‍යාංශයේ ගොඩනැගිලිවල පවතින අබලන් තත්ත්වයට පැවති කිසිඳු රජයකින් විසඳුමක් නොලැබී ඇති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මින් අනතුරුව මහවැලි අධිකාරියේ නිළධාරි මණ්ඩලය සහ ජනාධිපතිතුමා අතර ද සාකච්ඡාවක් පැවැත්වුණු අතර ආයතනයේ ඉදිරි සැළසුම් සහ මෙතෙක් කි‍්‍රයාකාරිත්වය එහිදී සාකච්ඡාවට ලක් විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.