• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවෙන් හානියට පත් වුවන්ගේ ජිවනෝපාය ගොඩනගන්න රතු කුරුසයෙන් ලක්ෂ 220 ව්‍යාපෘතියක්

red crossඅරණායක  කේන්ද්‍රව කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ නාය යෑම් හා ගංවතුර  හේතුවෙන් විපතට පත් වුවන්ගේ ජීවනෝපාය ගොඩ නැංවීම  සඳහා  ජාත්‍යන්තර රතු කුරුස  සංවිධානය,  ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හා එක්ව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ විශේෂ ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ආපදාවෙන් හානියට පත් අරණායක ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 400ක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

මේ සඳහා රුපියල් ලක්ෂ 220ක පමණ මුදලක් වැය කරනු ඇත. මෙම කරුණු හෙළි වුයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  අද  ( 21) දින පැවති දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී ය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන්  දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි.

පසුගියදා ආපදාවෙන් පීඩාවට පත් ජනතාව ඉලක්ක කර ගෙන  ඔවුන්ගේ  ජීවනෝපාය වර්ධනය කිරීම මෙහි  ප්‍රධාන අරමුණ  වේ. ප්‍රතිලාභින්  තෝරා ගැනීම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ  ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ඇත. ආරම්භයේදී එක් පවුලක ජීනෝපාය සංවර්ධනයට  අදියර දෙකක් යටතේ රුපියල් පනස්දහසත්, පනස්හය දහසක් අතර මුදලක් ලබා දෙනු ඇත. 

මෙම ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය උසස් කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු කිරිම්  හා දැනුම්වත් කිරීම්ද මේ යටතේ සිදු කරනු ලැබේ. එක් අවුරුද්දක කාලසීමාවකට මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර,  මේ සඳහා කෑගල්ල, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තෝරා ගෙන ඇත. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මුළු වැඩසටහන සඳහා ම  මුල්‍ය අනුග්‍රහය ලබා දේ. මෙම අවස්ථාවට එක් වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ජිවනෝපාය වැඩසටහන ඉතාමත් වැදගත් බවය. එසේම කෑගල්ල ආපදාව ඇති වු අවස්ථාවේ සිට රතු කුරුස සමාජය දැක්වු සහයෝගය ඇගයීමට ලක් වන බවද පැවසීය.

මෙම අවස්ථාවට රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කර්නල් සුදත් මඩුගල්ල, කෑගල්ල අතිරේක ලේකම් ප්‍රභාත් උදාකර, රතු කුරුස සමාජයේ කෑගල්ල ප්‍රධානී  ආනන්ද උයන්ගොඩ යන මහත්වරු ඇතුළු  ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාමනිලධාරීන් ඇතුළු විශාල  පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.