• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම පළමු විදෙස් ශූරතාවය දිනා ගනියි

navyමෙම මස මුල් සතිය තුළ තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති කාන්තා බේස් බෝල් තරගාවලියේදී නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙය ශ්රීය ලාංකික කාන්තා බේස්බෝල් කණ්ඩායමක් විදෙස් රටකදී ලබා ගත් පළමු බේස්බෝල් ශූරතා ජයග්රෝහණය බවට ඉතිහාසයට එක් වනු ඇත.

තායිලන්ත බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේදී සහභාගී වූ සියලු ම කණ්ඩායම් පරාජය කිරීමට නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත් වූ අතර අවසාන මහා තරගය, තායිලන්තයේ කසෙට්සාර්ට් විශ්වවිද්යාසල කණ්ඩායම සමඟ පැවැත්විණි. එහිදී, තියුණු තරගයකින් පසු 8 ට 7ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්රුහණය තහවුරු කරගන්නා ලදි.

මෙම සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ශ්රීන ලංකා බේස්බෝල් සංගමය, කොළඹ නැව් තටාකංගනය, ලංකා බැංකුව, මෙට්රොජපොලිටන් පුද්ගලික සමාගමේ කොළඹ ශාඛා ව මෙන්ම නාවික හමුදා ක්රීබඩා අධ්යොක්ෂක කපිතාන් ප්රගදීප් රත්නායක මහතා, නාවික හමුදා බේස්බෝල් සංචිතයේ වත්මන් සභාපති, කොමදෝරු උදේනි සේරසිංහ මහතා සහ එහි ලේකම්, ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා ද මහත් දායකත්වයක් ලබා දෙන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.