• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික සංහිඳියාවට කෑගල්ලෙන් නව අරුතක්

sanhidiyawaතිස් අවුරුදු යුද්ධයෙන් පසුව ජන මනස සුවපත් කරමින්, ජාතික ඒකාබද්ධතාවය ගොඩනැගීමෙහි ලා විවිධ ප්‍රවේශයන් තුළින් නව කතිකාවක් බිහි කර ගැනීම සඳහා  නොමද විද්වත් අවධානය යොමු වූ යුගයකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී තිබේ.

ඒ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන මැදිහත්වීම් වැදගත් වන්නේ ඒකී කාර්යභාරය ඉටු කිරීම සඳහා මේ දෙකොටසට ම පැවරී ඇති සමාජ යුතුකම වඩාත් ප්‍රබල වන හෙයිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා ක්‍රියාදාමයට නව අරුතක් එක් කරමින් විශේෂ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් විසින් පසුගියදා සිදු කරනු ලැබීය.

ජාතික සංවාද අමාත්‍යංශය සහ රාජ්‍ය භාෂා  පුහුණු  ආයතනය  මගින් රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර ගනිමින් දීපව්‍යාප්තව පවත්වනු ලබන දෙමළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහන මගින් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් භාෂා පාඨමාලා ක්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි තෝරා ගත් රාජ්‍ය නිලධාරීන් 71 දෙනෙක් පමණ මෙසේ කොටි කාලීන දෙමළ පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කරණු ලැබීය.ඉන් අනතුරුව  මේ පිරිස දෙමළ සංස්කෘතික අංගයන්ට මුල් තැන දෙමින් පැය තුනක විවිධ ප්‍රසංගයක් පැවැත්වූයේ සංහිඳියා සංකල්පයට නව අරුතක් සපයමිනි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ අබේවික්‍රම වනසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත්වූ අතර, මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා සහභාගී විය. මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ඒ මහතා පැවසූයේ මෙවැනි වැඩසටහන් සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය ජාතික සංහිදියාව පිළිබඳ නව අදහස් නිර්මාණය වීම කෙරේ මනා පිටුබලයක් සපයන බවයි.

මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික්  ලේකම් ප්‍රභාත් උදාකර , සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද , ගුරුවරුන්, පාසල් සිසුන් ,  සිවිල් සංවිධාන ක්‍රියාධරයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.